slc
logo
Home   |    News
ජනවාරි 18, 2022
ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය චරිත් අසලංකට

sinhala editor

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීත් කාසියේ වාසිය තමන් සතු කරගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් අවතීර්ණ වද්දී සිම්බාබ්වේ කණ්ඩායම එකම වෙනස්කමක් හෝ සිදුනොකර අවතීර්ණව සිටියි. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට පැමිණ සිටියි. කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා දුෂ්මන්ත චමීරට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර ඒ වෙනුවට චාමික ගුණසේකරට අවස්ථාව හිමිවිය. මංගල එක්දින වරම් දිනාගත් තරගයේදීම චාමික පන්දුවාරයක් යැවීමෙන් අනතුරුව ආබාධයකට ලක්ව පිටියෙන් ඉවතට ගියේය.

මේ අතර ධනංජය ද සිල්වාගේ සේවය කණ්ඩායමට අහිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය තාවකාලිකව චරිත් අසලංකට ලබා දී තිබේ. පළමු තරගයේදී අසලංක ලකුණු 71 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යය භාරයක් සිදු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. කමිඳු මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. ජෙෆ්රි වැන්ඩර්සි, 9. මහීෂ් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. නුවන් ප්‍රදීප්.

සිම්බාබ්වේ කණ්ඩායම – 1. රයන් බර්ල්, 2. සිකන්දර් රාසා, 3. රෙගිස් චකබ්වා, 4. ටෙන්ඩායි චටාරා, 5. ක්‍රෙග් අර්වින් (නායක), 6. ටකුඩ්වාන්ශේ කයිටානෝ, 7. වෙසිලී මඩව්ර්, 8. වෙලිංටන් මසකඩ්සා, 9. බ්ලෙසිං මුසරාබානි, 10. රිචරඩ් නගාරාවා, 11. ෂෝන් විලියම්ස්.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee