slc
logo
Home   |    News
ජනවාරි 12, 2022
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

ජනවාරි මස 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා අළෙවි (Online Tickets) කිරීම ජනවාරි මස 12 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවාධාන යොදා තිබේ. ඒ අනුව ක්‍රිකට් රසිකයින්ට www.srilankacricket.lk සහ www.bookmyshow.com යන වෙබ් අඩෙවි වලට පිවිසීමෙන් සිය ප්‍රවේශපත්‍රය මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත.

එම පහසුකමට අමතරව ජනවාරි මස 13 වැනිදා සිට පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා වූ කාල සීමාවේදී තරග පැවැත්වෙන  දිනයන්හිදී බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදීත්, තරග නොපැවැත්වෙන දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවේ. අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද උක්ත ස්ථාන වලින් ලබාගත හැක.

ප්‍රවේශ පත්‍ර රු. 300, 1000 සහ 3000 යන මිල ගණන් යටතේ ලබාගත හැක. සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමිවේ. කෙසේ වෙත්ත එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.

දෙරට අතර 16 වැනිදා ආරම්භ වන පළමු තරගයෙන් අනතුරුව 18 වැනිදා දෙවැනි තරගයද 21 වැනිදා තෙවැනි තරගයද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.්‍්‍

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest