slc
Home   |    News
ජනවාරි 8, 2022
සමුගැනීමේදී ක්‍රීඩකයින්ට කොන්දේසි තුනක්

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීමට අපේක්ෂා කර සිටින්නේ නම් මින් ඉදිරියට අවම වශයෙන් මාස 3 කට පෙර ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැනුම් දී සිටියි.

ජනවාරි 07 වැනි දින රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව විසින් ඉහත කී තීරණ ගෙන ඇත. උක්ත තීරණයට අමතරව තවත් කරුණු දෙකක් කෙරෙහිද මින් ඉදිරියට ක්‍රීඩකයින් අවධානය යොමු කර යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

විදේශයන්හි පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා විරෝධතාවයක් නොමැති බවට සහතිකයක් ලබා දෙනු ලබන්නේ ඔවුන්ගේ සමුගැන්ම ගැන නිවේදනය කිරීමෙන් මාස 6 ක කාලයකට පසුව බව එම කරුණු 3 ට ඇතුළත් අනෙක් කරුණ වෙයි.

මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද එල්.පී.එල්. වැනි තරගාවලිවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් බලාපොරොත්තුවෙන් පසු වන්නේ නම් ඒ සඳහා අවම වශයෙන් ඊට පෙර දේශීය තරග වාරයේදී 80% කට හෝ  දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ යුතු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බල පැවැත්වෙනු ඇත.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest