slc
Home   |    News
ජනවාරි 18, 2022
සිම්බාබ්වේ ලකුණු 300 ඉක්මවයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

නායක ක්‍රේග් අර්වින්ට එකතු වුණු ෂෝන් විලියම්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 303 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (18 දා) සමත්විය.

පෙර තරගයේ පරිදිම 40 වැනි පන්දුවාරය වන තෙක් කඩුලු ආරක්ෂා කරගත් සිම්බාබ්වේ පිතිකරුවෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. එම පන්දු 60 දී ලකුණු 70 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරාගැනීමට සිකන්දර් රාසා ප්‍රමුඛ මැද පෙළ පිතිකරුවෝ සමත්වූහ.

පළමු පන්දුවාරයේදීම ලකුණු 14 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම ඇරැඹූ  සිම්බාබ්වේ පිතිකරුවන් අතරින් පළමු තරගයේදී ශතක ලාභී ෂෝන් විලියම්ස් අර්ධ ශතකයට ලකුණු 2 ක් තිබියදී විශිෂ්ඨ ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.

පිට පිට දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගැනීම නිසා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් යළිත් ශක්තිමත් ආරම්භයක් එක් කිරීමට ටකුඩ්වනාශේ කයිතානෝ සහ රෙගිස් චකබ්වා සමත්වූහ. පළමු තරගයේ කාබන් කොපියක් බඳු වූ ජෙෆ්රි වැන්ඩර්සි විසින් පළමුව කයිතානෝව දවා ගත් අතර අනෙක් පිතිකරුවා වූ චකබ්වාවද (47) මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වන විට ක්‍රීඩාගාරයට යැවීමට සමත්විය. සිම්බාබ්වේ නායකයාට අමතරව ලකුණු 50 සීමාව ඉක්මවාලූ එකම පිතිකරුවෝ වූයේ සිකන්දර් රාසා වන අතර අවසන් පන්දුවේදී ඔශු දැවී යන විට පන්දු 46 කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේය.

පළමු තරගයේ විලියම්ස් කළ වගකීම අද දිනයේදී නායකයා වූ අර්වින් විසින් සිදුකළ නමුත් තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑම නිසා ශතකය කරා යෑමේ අවස්ථාව ඔහුට අහිමිවිය. පන්දු 98 කදී ගොඩ නැංවුණු ලකුණු 91 ක ඉනිම සඳහා අර්වින් හතරේ පහර 10 ක් පමණක් ඇතුළත් කළේය.

නිරන්තරයෙන්ම පන්දුවාරයකට ලකුණු 6 ක දළ වේගයක් රඳවා ගැනීමට සමත් වුණු සිම්බාබ්වේ පිතිකරුවන් මට්ටු කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේම සේවය ලබා ගත්තද සංචාරකයෝ ලකුණු 300 කඩඉම ඉක්මවාලූහ. කණ්ඩායම සතු ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප්ව පන්දුවාර 10ම යැවීම සඳහා යොදා ගත් අතර කඩුලු 2 ක් දවා ගැනීමේදී පිතිකරුවෝ ලකුණු 74 ක් රැස් ගෙන තිබිණ. පන්දු යැවීමෙන් තරමක් හෝ තර්ජනයක් වූයේ නම් ඒ මහීෂ් තීක්ෂණ පමණි. වැන්ඩර්සිගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් වුවත් ඉන් දෙකක්ම කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ස්ටම්ප් කිරීම් වලට හසුවූ කඩුලු විය. රෙගීස් චකබ්වා සහ ෂෝන් විලියම්ස් ස්ටම්ප් කිරීමටවලට හසුව දැවී ගිය පිතිකරුවෝ වූහ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest