slc
Home   |    News
ජනවාරි 13, 2022
හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් පියවරක් ඉදිරියට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු 10 දෙනා අතර පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවතම යාවත්කාලීනයට අනුව දිමුත් රැඳී සිටි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

එම ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 754 ක් ලබා සිටින දිමුත්, ඉදිරියට පැමිණීමේදී 6 වැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. ඔස්ට්‍රේලියානු පිලේ මානස් ලබුෂේක් එම පිතිකරුවන් ලැයිස්තුවේ අංක 1 ස්ථානයේද එංගලන්ත නායක ජෝ රූට් දෙවැනි ස්ථානයේද පසුවන්නේය. ස්ටීවන් ස්මිත්, කේන් විලියම්සන් සහ රෝහිත් ෂර්මා පිළිවෙළින් තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

දිමුත් කරුණාරත්න සහ රෝත් ෂර්මා අතර පවතින්නේ ප්‍රසාද ලකුණු 27 කි. මේ අතර ධනංජය ද සිල්වා 21 වැනි ස්ථානයේද ඇන්ජලෝ මැතිව්ස් 31 වැනි ස්ථානයේදී රැඳී සිටියි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest