slc
logo
Home   |    News
ජනවාරි 24, 2022
බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට සුදුසුකම් ලබයි

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණඩායම එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වට සුදුසුකම්  ලබා ගැනීමට අද (24 දා) පෙරවරුවේදී සමත්විය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරගනු ලබන කණ්ඩායමට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට තරග කිරීමේ අවස්ථාව හිමිවනු ලබන බැවින් අද තරගයේ ජය දෙපිළම තීරණාත්මක විය. මූලික වටය යටතේ සහභාගි වුණු තරග 3 න් 3 ම ජයගනිමින් දෙපිළටම අද තරගයට අවතීර්ණ වූ නමුත් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට වඩා තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටීම නිසා තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට තෝරා පත්වීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.ො

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 136 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී බංග්ලාදේශ පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු නායිකා චමරි අතපත්ති පිත්තෙන් ලකුණු 28 ක් සහ පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා තීරණාත්මක ජයග්‍රහණයේ ප්‍රධාන දායකත්වය දක්වන ලද ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඇයගේ එම දක්ෂතාව නිසා මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේ දෙවන කඩුල්ලට චමරි අතපත්තු සහ හෂිනි පෙරේරා පන්දු 29ක් තුළ රැස්කළ ලකුණු 47 යි. මේ තරගයේ වැඩිම ලකුණු  ලාභිනිය වූ චමරි පන්දු 28කදී ලකුණු 48 ලබා ගත්තේ හතරේ අටක් සහ හයේ පහර තුනක් සමගය. චමරි මේ තරගාවලියේ තරග තුනකදීම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරීමද විශේෂත්වයකි.

ලකුණු අතර සිටි අනෙකුත් ශ්‍රී ලංකා  පිතිකාරිණියන් වුයේ නිලක්ෂි ද සිල්වා පන්දු 25 කදී ලකුණු 28 ක් අනුෂ්කා සංජීවනී පන්දු 16 කදී ලකුණු 20 ක් සහ උප නායිකා හර්ෂිතා මාධවීපන්දු 22 කදී ලකුණු 19 ක් ලබා ගත්හ.

එංගලන්තයේ පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියට මේ වන විට කණ්ඩායම් හතක් තෝරාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් එක වන විට ජගත් ක්‍රිකට් සමුළුවේ කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියෙන්ම  සිටි කණ්ඩයම් හත ඇතුළත් කර ගනිමිනි.මේ තරගාවලියට අටවන කන්ඩායම ලෙස ශ්‍රී ලංකා අද (24) එක්විය. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හෂාන් තිලකරත්න මහතා කටයුතු කරනු ඇත.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු හයට 136 යි – (චමරී අතපත්තු 48,නිලුක්ෂි ද සිල්වා 28,අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා මාධවී 19,  නහිඩ් අක්ටේර් 34/2, සුර්යා අසමින් 12/1)

බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලු 5ට 114 යි- (මුර්ෂිඩා කොටුන් 36 ,ෆගුනා හොක් 33, චමරි අතපත්තු 17/3, අමා කාංචනා 13/1)

(බන්දුල මොල්ලිගොඩ)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee