slc
logo
Home   |    News
ජනවාරි 28, 2022
පාසල් 650 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ ලබාදෙයි

sinhala editor

ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනේ එක් අදියරක් වන පාසල් ක්‍රිකට් නැංවීම වෙනුවෙන් සඳහා වන ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදා දීමේ සමාරම්භක අවස්ථාව 2022 ජනවාරි 28 වැනි දින ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන කනිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ බාළක වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන පාසල් 650 ක් සඳහා මෙම උපකරණ බෙදා දීම අද දින සිදුකෙරිණ. එහි පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් 66 ක් සඳහා මෙම උපකරණ බෙදාදීම සිදුවිය. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 50 කටද මෙම ක්‍රීඩා උපකරණ කට්ටලය පිරිනැමෙනු ඇත.

ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් බෙදා දෙන ලද පාසල් උපකරණ බෑගයට ඇතුළත් විය. 

අදින් ආරම්භ වුණු මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩ සටහන ඉදිරියේදී දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට පියවර ගනු ඇත.

“ශම්මි සිල්වා මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පාසල් අංශය, පුහුණු අංශය, පරිපාලනය අංශය ඉතාමත් හොඳට කරගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළට විශාල සහයෝගයක් ලබා දෙනවා. මං හිතන්නේ ඒ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණවලට යන්න පුලුවන් මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ” යැයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වා සිටියේය.

ඒ මහතා එසේ පවසන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ගරු ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ තිලක් වත්තුහේවා මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියහ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා සහ විධායක කමිටු සාමාජිකයකු වන සමන්ත දොඩන්වල මහතා සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු වන ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරුද මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට යන මහත්වරුද මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට සහභාගිවූහ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (වමේ සිට තෙවැන්නා) අතින් බාළිකා ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු අනුලා විදුහලේ ක්‍රීඩිකාවකට ක්‍රීඩා උපකරණ කට්ටලය ලබා දෙන අවස්ථාව ඡායාරූපයේ වෙයි. ඡායාරූපයේ වමේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ප්‍රධානී කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති සහ පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee