slc
Home   |    News
ජනවාරි 5, 2022
SSC පිටියට අධි බලැති තණකොළ කපන යන්ත්‍රයක්

sinhala editor

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමු කරමින් අධි බලැති තණකොළ කපන යන්ත්‍රයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය. සුපිරි කාර්යය සාධනයකින් යුත් මෙම අධි බලැති තණකොළ කපන යන්ත්‍රය මෙරට ක්‍රීඩා පිටිවල භාවිතාවට ගැනෙන යන්ත්‍ර දෙකෙන් එකක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය භාර දීම එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී සිදුවුණු අතර එහිදී අදහස් දක්වා සිටි ලේකම් වරයා, නුදුරේදීම අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලටත් මෙම යන්ත්‍රය ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය. “අපි මෙරටට ගෙන්වපු අධි බලැති තණකොළ කපන යන්ත්‍ර දෙකෙන් එකක් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට පරිත්‍යාග කරා. ශ්‍රී ලංකාවේ පවත්වන ලබන ටෙස්ට් තරග වලදී එස්. එස්. සී. ක්‍රීඩා පිටිය ප්‍රමුඛම ක්‍රීඩාංගණයක්. ඒ නිසා අපි එහි පිටිය පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබුවා” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සභාපති අයි. එස්. ද සිල්වා මහතා වෙත මෙම තණකොල කපන යන්ත්‍රය මොහාන් ද සිල්වා මහතා විසින් පිරිනැමුවේය. මෙම අවස්ථාවට එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත විජේසේකර මහතා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ජාතික ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුද සහභාගිවුහ.

අනෙක් තණකොල කපන යන්ත්‍රය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලබා දීමට පියවර ගෙන තිබේ. මෙම පරිත්‍යාගය දේශීය ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙසින් සලකනු ලබයි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest