slc
Home   |    News
පෙබරවාරි 6, 2022
ආණ්ඩුකාර කුසලාන මොරටුව ක්‍රීඩා සමාජයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’ (Governors Trophy) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජය අද (06 දා) පස්වරුවේ සමත්විය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති එම අවසන් මහ තරගයේදී ආදි ධර්මපාල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කරමින් ආණ්ඩුකාර කුසලාන තමන් සතු කර ගැනීමට මොරටු ක්‍රීඩකයෝ සමත්වූහ.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 240 ක් ලබා ගැනීමට සමත්වූවේය. එය හඹා යෑමේදී ආදි ධර්මපාල කණ්ඩායම පන්දුවාර 42.2 කදී සියලුම පිතිකරුවන් ලකුණු 176 කදී සීමා කිරීමට මොරටු පන්දු යවන්නෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් මොරටුව කණ්ඩායම වෙනුවෙන් නායක නයන ප්‍රනාන්දු පන්දු 82 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 75 ක්ද යොහාන් පෙරේරා ලකුණු 45 ක්ද ලබා ගත්හ. ආරම්භක පිතිකරු සිතාර හපුහින්න ලකුණු 38 ක් ලබා ගනිමින් පිතිකරණයෙන් වැඩි මෙහෙයක් ඉටු කළේය.

එම ඉලක්කය හඹා යෑමේදී ආදි ධර්මපාල පිළේ පළමු කඩුලු 5 ම ලකුණු 25 ක් ඇතුළතදී දවා ගැනීමට මොරටු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් ඩිල්ෂාන් මෙන්ඩිස්, තෙවින් ඊරියගම සහ සවිඳු පීරිස් පන්දුවෙන් වැඩි මෙහෙයක් දැක්වූහ. මොවුන් තිදෙනා කඩුලු 3 බැගින් දවා ගනු ලැබුවේ පිළිවෙළින් ලකුණු 27, 19 සහ 40 බැගින් ලබා දෙමිනි.

කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි අයේෂ් හර්ෂන පන්දු 96 කදී ලකුණු 59 ක් සහ පසු පෙළින් පැමිණි ශානක සම්පත් පන්දු 68 කදී ලකුණු 51 ක් වශයෙන් අර්ධ ශතක රැස් කළත් එම දක්ෂතා ආදි ධර්මපාලයීන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

තරගාවලියේ ශූරතාව දිනාගත් මොරටුව ක්‍රීඩා සමාජයට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහ අනුශූරතාවට පත් ආදි ධර්මපාල කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්ද පිරිනමනු ලැබීය.

ලකුණු සාරාංශය

මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 240 යි – (සිතිර හපුහින්න 38, ලසිත් වර්ණකුලසූරිය 18, යොහාන් පෙරේරා 45, නයන ප්‍රනාන්දු 75, සවිදු පීරිස් 15, ඩිල්ෂාන් මෙන්ඩිස් 14*, ශානක සම්පත් 48/3) 

ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය පන්දුවාර 42.2 කදී සියලු දෙනා දැවී ලකුණු 176 යි – (ශානක සම්පත් 51, අහේෂ් හර්ෂණ 59, රජිත වීරසිංහ 22, ඩිල්ෂාන් නේඩිස් 27/3, තෙවින් ඊරියගම 19/3, සවිඳු පීරිස් 40/3)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest