slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2022
දික්වැල්ල සහ උදාර කැන්ඩි පිලට පහසු ජයක් ගෙනති

sinhala editor

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ තරග පැවැති අවසන් දිනයේදී වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වෙමින් ගාල්ලට එරෙහි තරගය ලකුණු 66 කින් ජය ගනු ලැබීය. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රසාද ලකුණද සමඟ තරගය ජය ගත්තේ නම් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම සදහා ගාල්ල කණ්ඩායමට සියුම් අවස්ථාවක් පැවැතියත් කැන්ඩි නායක නිරෝෂන් දික්වැල්ල සහ අනෙක් ආරම්භක පිතිකරු ළහිරු උදාර ඒ සියල්ල සිහිනයක් බවට පත් කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් වාර්තා කරමිනි.

ගාල්ල කණ්ඩායමට අද තරගයෙ ලැබුණද ඔහුගේ අවසන් මහ තරග ගමන තීරණය වන තවත් සාධකයක් බවට පත්වූයේ දඹුල්ලේ පැවැති ජැෆ්නා සහ කලම්බු අතර තරගයෙන් ජැෆ්නා පිල පරාජය විය යුතුවීමය. කෙසේ වෙතත් කලම්බු පිලට එරෙහිව ජය වාර්තා කළ ජැෆ්නා ක්‍රීඩකයෝ ලබන 19 වැනිදා කැන්ඩි කණ්ඩායම සමඟින් විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල ලකුණු 344 ක ඉලක්කයක් ගාල්ල කණ්ඩායම හමුවේ තැබූහ. එහෙත් අෂේන් ඩැනියල් ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 47.1 ක් අවසනදී සියලු පිතිකරුවන් දැවී ගාල්ල පිලට ලබාගත හැකි වූයේ ලකුණු 277 ක් පමණි.

අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දුන් කවිෂ්ක අංජුල අද දිනයේදීද පන්දු 71 කදී ලකුණු 90 ක් රැස් කිරීමට සමත්විය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වුණු වමත් පිතිකරුවා මීට පෙරද කලම්බු පිලට එරෙහිව පන්දු 73 කදී ලකුණු 75 ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් කැන්ඩි කණ්ඩායමේ ඉලක්කය නොසිතූ තරම් ඈත එකක් වූයෙන් අංජුලගේ දක්ෂතාවය තරග ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.කෙසේ වෙතත් විශාද් රන්දික (ලකුණු 47 ක්) සමඟ එක්වූ කවිෂ්ක හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම කැපී පෙනිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල අද දිනයේ ලබා ගන්නා ලද ලකුණු 343 මෙවර තරග වාරයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේද කැන්ඩි කණ්ඩායම වන අතර ඒ කොළඹ එස්.එස්.සී. පිටියේදී දඹුල්ල පිලට එරෙහිව කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 318 විය.

මෙම ලකුණු සංඛ්‍යාවට අමතරව නායක නිරෝෂන් දික්වැල්ල රැස් කරන ලද ලකුණු 135 මෙවර තරග වාරයේ පිතිකරුවකු රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. ඔහුට පෙර ඕෂද ප්‍රනාන්දු රැස් කරන ලද ලකුණු 138 මෙවර තරග වාරයේ පිතිකරුවකු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

තරග ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට කිසිම අවස්ථාවක් ලබා නොදුන් දික්වැල්ල සහ ළහිරු උදාර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 211 කදී ලකුණු 233 ක අනගි සම්බන්ධාතවක් ගොඩනැංවූහ. සිය ලකුණු 135 වෙනුවෙන් පන්දු 104 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් සිය ඉනිම සරසා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ළහිරු උදාර පන්දු 116 කදී ලකුණු 106 ක් වාර්තා කරගත්තේ හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් ඉනිම සරසා ගනිමිනි. මැද පෙළින් පැමිණි කමිඳු මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 41 කදී වේගවත් ලකුණු 58 ක් රැස් කොට ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

තරගයේ වීරයා – නිරෝෂන් දික්වැල්ල

ලකුණු සාරාංශය

කැන්ඩි පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 343 යි – (නිරෝෂන් දික්වැල්ල 135, ළහිරු උදාර 106, කමිඳු මෙන්ඩිස් 58, පුලින තරංග 13*, සහන් ආරච්චිගේ 11, චලන ද සිල්වා 38/3)

ගෝල් කණ්ඩායම පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 277 යි – (කවිශ්ක අංජුල 90, අෂාන් රන්දික 27, පබසර වඩුගේ 42, මුදිත ලක්ෂාන් 12, විෂාද් රන්දික 47, ජෙහාන් ඩැනියල් 13, අෂේන් ඩැනියෙල් 46/4, පුලින තරංග 35/3, අසිත ප්‍රනාන්දු 51/2)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee