slc
logo
Home   |    News
පෙබරවාරි 7, 2022
නුවන් තුෂාර සහ රුමේෂ් රත්නායක කණ්ඩායමට එක්වෙති

sinhala editor

කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා නියමිත දිනට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට අවස්ථාව නොලද වේග පන්දු යවන නුවන් තුෂාර සහ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා අද (07 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්ව සිටිති.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පිටත්ව යෑමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී නුවන් තුෂාර සහ පුහුණුකරු රත්නායක මහතාට වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු විණ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය පෙබරවාරි 03 වැනි දින මොවුන් දෙපළට කණ්ඩායමට එක්වීමට අවස්ථාව නොලදහ.

අනතුරුව මොවුන් දෙපළ නීරෝධායන ක්‍රියාවලියකට භාජනය වූ අතර දින කීපයකට පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව මොවුන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බව පෙනී යෑම නිසා ඔවුන්ට පෙබරවාරි මස 05 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට අවසර ලැබිණ.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee