slc
logo
Home   |    News
පෙබරවාරි 14, 2022
බිනුරටත් කොවිඩ්

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීතිබේ. දෙවැනි එක්දින තරගයට පෙර පෙබරවාරි මස 12 වැනිදා සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී (රැපිඩ් ඇන්ටිජන්ට්) අදාළ වෛරසය බිනුරට ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කරනු ලදුව, එම ප්‍රතිඵලයෙන්ද බිනුරට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බවට සනාථ වී තිබේ. ඒ අනුව ඔහුට පෙබරවාරි මස 13 වැනි දින සිඩ්නිහි පැවැති දෙවැනි විස්සයි-20 තරගයට සහභාගිවීමේ අවස්ථාවද අහිමිවිය. ඒ වෙනුවට නුවන් තුෂාරව ක්‍රීඩා කරවීමට තේරීම්වලදී පියවර ගනු ලැබීය. ආසාධිතයකු බවට පත්ව සිටින බිනුරට දැනට කොවිඩ් 19 වෛසරය ආසාධනය වීමේදී අනුගමනය කරනු ලබන සෞඛ්‍යාරක්ෂිත වැඩසටහන යටතේ නීරෝධානයනයට ලක් කොට තිබේ.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee