slc
logo
Home   |    News
පෙබරවාරි 25, 2022
විස්සයි-20දී ඉන්දියාව පෙරමුණ ගනියි

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 62 ක පරාජයක් ශ්‍රී ලංකාව අද (24 දා) අත්වින්දේය.

ආරම්භයේ සිටම දුර්වල ඉලක්කයන් සහිතව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළි ඉෂාන් කිශාන් සහ ශ්‍රෙයාස් අයර් ඉන්දීය ජයග්‍රහණයේ පෙරමුණ ගත් පිතිකරුවන් බවට පත්වූහ. උපක්‍රමයක් ලෙස යොදා ගනිමින් වේගය අඩාල කරන ලද පන්දු රැසක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුදා හැරියද ඉන් වැඩි හරියක නිසි ඉලක්කයක් නොතිබීමෙන් ඉන්දීය පිතිකරුවෝ එය වාසියකට හරවා ගත්හ.

ඒ අනුව පන්දුවාර 20 කදී ලකුණු 199 ක් රැස් කර ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වද්දී එය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 137 කට සීමා කිරීමට එම පන්දු යවන්නෝ සමත්වූහ. ඉදිරි පෙළ කඩුලු ලබානොදිය යුතු බවට තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා සඳහන් කළද පළමු තරගයේදීම එම අතපසුවීම කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් චරිත් අසලංක පමණක් සටන්කාමී පිතිහරඹයක නිරත වූවේය.

පන්දු 47 කට මුහුණ දුන් අසලංක ලකුණු 53 ක් ලබාගත් නමුත්, සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු ලකුණු මෙන්ම ප්‍රහාරාත්මක වේගය ශ්‍රී ලංකා පිලට නොලැබිණ. නිලකුණු පන්දු අවම කර ගැනීමට නම් පළමු පන්දුවාර කීපයේදී කඩුලු ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් බව කීවද එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්වූහ.

පළමු පන්දුවාර 11 අවසනදී ඉන්දීය පිල කිසිවකු නොදැවී ලකුණු 106 ක් රැස් කර ගැනීමට සමත් වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එම පන්දුවාර සංඛ්‍යාව පසුකර යන විට පළමු කඩුලු 5 ම ලකුණු 60 ක් ඇතුළත අහිමිකරගෙන සිටියේය. එබැවින් ලකුණු 200 ක ඉලක්කයක් හඹා යෑමේදී  ඉනිමේ දෙවැනි භාගය ඇදගෙන යෑම සඳහා අසලංකට දැනෙන සහායක් ලබාදීමට තරම් පිතිකරුවකු කණ්ඩායම තුළ නොවීය.

පන්දු යවන්නකු ලෙසින් ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර පන්දු 14 කදී වේගවත් ලකුණු 24 ක් ලබාගනිමින් පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් කරන ලද අයට ආදර්ශයක් ගෙන දුන් නමුත්, අසලංකත් චාමික කරුණාරත්න (21) හැර සෙසු එකම පිතිකරුවකුට ලකුණු 13 සීමාව පසුකර යෑමට නොහැකි විය.

ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු රෝහිත් ෂර්මා සහ ශ්‍රෙයාස් අයර් පළමු කඩුල්ල සඳහා ගොඩනංවන ලද ලකුණු 111 සම්බන්ධතාවය සඳහා වැය කරන ලද්දේ පන්දු 71 ක් පමණි. චාමික කරුණාරත්නගේ පන්දුවාරයකට හතරේ පහර 3 කින් සංග්‍රහ කරමින් ඉනිය ඇරඹූ ඉෂාන් කිශාන් ඉන්දීය නායකයාට වඩා ප්‍රහාරාත්මකව සිය ඉනිම දියත් කළේය. පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් ලකුණු 89 ක් රැස් කළ ඉෂාන් කිශාන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රෙයාස් අයර්ද පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් වේගවත් ලකුණු 57 ක් ලා ඉන්දීය ලකුණු වේගය වැඩි කරද්දී ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දු 32 කදී ලකුණු 44 ක් ලබා ගත්තේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar