slc
Home   |    News
පෙබරවාරි 25, 2022
සිව්දින තරගාවලියේ මංගල ශතකය සමින්ද ප්‍රනාන්දුගෙන්

sinhala editor

එක්දින තරගාවලිය අවසන් වී දින 5 ක් ඉක්මවාලීමට මත්තෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරග වලදී පිතිකරුවන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය.

ඒ අතරින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු මංගල ශතකයට හිමිකම් කියද්දී මහනුවර කණ්ඩායමේ ළහිරු උදාරත් ලසිත් කෲස්පුල්ලේත් ශතක පෙනී පෙනී දැවී ගියහ.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු පන්දු 241 කට මුහුණ දෙමින් ලකුණු 141 ක් ලබා ගත්තේය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සමින්ද සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය. එම ඉනිම ප්‍රධාන කොට පළමු දිනට තරගය අවසන් වද්දී යාපනය ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 311 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

කලම්බු පිලට එරෙහිව පැවැති තරගයේදී නිශාන් මදුශංක පළමු කඩුල්ල ලෙසින් ලකුණු 20 කදී දැවී ගියද දෙවැනි කඩුල්ලට නවෝද් පරණවිතාන සමඟ එක්වූ සමින්ද ප්‍රනාන්දු ලකුණු 157 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එහිදී පරණවිතානගේ දායකත්වය පන්දු 171 කදී ලකුණු 77 කිනි. පරණවිතානගේ දැවී යෑමෙන් පසු නායක සදීර සමරවික්‍රමට එක්වූ සමින්ද තවත් ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වමින් යාපනය ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. ඉතාමත් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ නායක සදීර දිනය අවසන් වීමට පන්දුවාරක් ඉතිරිව තිබියදී ළහිරු මදුශකගේ පන්දුවක් හමුවේ ලකුණු 58 කට දැවී ගියේය. පන්දු යැවීමේදී ළහිරු මදුශංක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගෙන සිටිති.

හම්බන්තොට තරගය පරිද්දෙන්ම ගාල්ල තරගයද පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු කරගත් කැන්ඩි පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 4 ට ලකුණු 373 ක් ලබා ගැනීමට සමත්වූහ. මෙහිදී සාර්ථක ආරම්භයක් ලබා දුන් ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 169 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ.  ඉතා හොඳින් පන්දුවට පහර දුන්නද මොවුන් දෙදෙනාම ශතක පෙනී පෙනී දැවී ගියහ.

පන්දු 126 කට මුහුණ දුන් ළහිරු උදාර හතරේ පහර 16 ක් සමඟ ලකුණු 92 ක් රැස් කරද්දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 107 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 93 ක් ලබා ගත්තේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින නායක කමිඳු මෙන්ඩිස් හතරේ පහර 11 ක් ද සමඟින් පන්දු 138 කදී ලකුණු 90 ක් ලබා තරගයේ දෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරගෙන සිටියි. දිනයේ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූයේ කසුන් විධුර වන අතර ඔහු ලකුණු 58 ක් ලබා ගත්තේය.

කැන්ඩි පිල මට්ටු කිරීම සඳහා ගෝල් නායක ධනංජය ලක්ෂාන් පන්දු යවන්නන්ගේ 8 දෙනෙකුගේ සේවය ලබා ගත්තද ඒ අතරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ චානක රුවන්සිරි පමණි. ඔහු ලකුණු 75 කට කඩුලු 2 ක් දවා ගනිද්දී නිමේෂ් විමුක්ති සහ සංගීත් කුරේ කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු සටහන

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

ජැෆ්නා පන්දුවාර 90 කදී කඩුලු 4 ට ලකුණු 311 යි – (සමින්ද ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, නිශාන් මදුශ්ක 10, සදීර සමරවික්‍රම 58, ළහිරු මදුශංක 47/2, ප්‍රභාත් ජයසූරිය 89/2)

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පන්දුවාර 89.5 කදී කඩුලු 4 ට ලකුණු 373 යි – (ලසිත් කෲස්පුල්ලේ 93, ළහිරු උදාර 92, කමිඳු මෙන්ඩිස් 90*, කසුන් විදුර 58, ඕෂද ප්‍රනාන්දු 35, චානක රුවන්සිරි 75/2, සංගීත් කුරේ 20/2, නිමේෂ් විමුක්ති 90/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest