slc
logo
Home   |    News
පෙබරවාරි 7, 2022
නැෂනල් සුපර් ලීග් අලුත්ම පෙරැළිකාරයා ‘සිතාර ගිම්හාන්’

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන පරිදි මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම දේශීය එක්දින තරගාවලියේ ශතක ලාභීන් අතර කලම්බු කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් සිය නම රැන්දවීමට අද සමත්විය. ඒ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කරමිනි. මෙම ශතකය මෙවර තරගවාරයේ පිතිකරුවකු වාර්තා කරන ලද තෙවැනි ශතකය ලෙසින් සටහන්විණ. වමතින් පිත්ත හසුරුවන සිතාරට පෙර ඕෂද ප්‍රනාන්දු (138) සහ ධනංජය ද සිල්වා (101) ශතක ලබා සිටින පිතිකරුවන් වුවත් මොවුන් දෙදෙනාම ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන පිතිකරුවෝ වෙති.  

මුහුණ දුන් 97 වැනි පන්දුවේදී සිතාර ශතකය සම්පූර්ණ කර ගනු ලැබුවේ හතරේ පහරක් එල්ල කරමිනි. ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින සිතාර  ශතකය වාර්තා කරගන්නා විට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කරගෙන තිබිණ. දුශාන් හේමන්තගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සිතාර දැවී යන විට පන්දු 104 කදී ලකුණු 110 ක් ලබා සිටියේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee