slc
Home   |    News
පෙබරවාරි 14, 2022
NSL අවසන් මහ සටනට එන්න තුන්කොන් සටනක්

sinhala editor

By Chamila Karawita

මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය බවට පත්ව තිබෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය උදා වෙත්ම අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා ජැෆ්නා, ගෝල් සහ කලම්බු කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.

මෙතෙක් තරගාවලියේ තරග ජයග්‍රහණ 5 ක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු 26 ක් ලබා සිටින කැන්ඩි කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව උදාකරගෙන සිටින නමුත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිත තරග 2 දී තීරණය වනු ඇත.

එදිනදී කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද ජැෆ්නා සහ කලම්බු කණ්ඩායම් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ලබති. එම තරග අතුරින් ජැෆ්නා කණ්ඩායම ජය වාර්තා කරගැනීමට සමත් වුවහොත් සෙසු තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඔවුන් කිසිදු බාධාවකින් තොරව අවසන් මහ තරග සටනේ කැන්ඩි පිලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත.

ගැටලුව පවතින්නේ මේ දිනවල දඹුල්ල අවට ප්‍රදේශයට ඇද හැළෙ වර්ෂාව හේතුවෙනි. එම තත්ත්වය නිසා ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල කැන්ඩි අතර තරගය එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. මෙම තත්ත්වය 16 වැනිදා තරගයටද බලපෑවහොත් තත්ත්වය වඩාත් සංකීර්ණ වනු ඇත. එසේ වුවහොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 2 බැගින් පිරිනැමෙන අතර ජැෆ්නා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ යනු ඇත.

ඒ අනුව එදින පැවැත්වීමට නියමිත ගෝල් සහ කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ජය වාර්තා කිරීමට සමත් වුවහොත් ජැෆ්නා පිලට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන නමුත්, තරග 7 කදී ජයග්‍රහණ 4 ක් වාර්තා කර සිටින ගෝල් කණ්ඩායම ජය වාර්තා කළහොත් බෝනස් ලකුණු රහිතව වුවද ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් අවසන් මහ තරගය කැන්ඩි අසහ ගෝල් අතර තරගයක් බවට පත්වනු ඇත.

කලම්බු කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමේදීද ජැෆ්නා තරගය ප්‍රසාද ලකුණද සමඟ ජය ගැනීමට කලම්බු පිල සමත්වී පල්ලකැලේ පැවැත්වීමට නියමිත ගෝල් සහ කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි ජය ගනු ලැබුවහොත් කලම්බු කණ්ඩායමටද අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය වී තිබේ. මෙකී තත්ත්වය යටතේ ප්‍රසාද ලකුණු අහිමිව තරගය ජය ගනු ලැබුවහොත් ජැෆ්නා සහ කලම්බු කණ්ඩායම් අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18 බැගින් සම තත්ත්වයට පත් වේ. එසේ වුවහොත් ඉදිරියට යනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වේ.  

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest