slc
logo
Home   |    News
මාර්තු 8, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 200 කට ‘මැටින්’ පිරිනමයි

sinhala editor

දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලණු පැදුරු හෙවත් ‘මැටින්’ 200 ක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවලට ක්‍රීඩා කිරීම සඳහා හැකිවන පරිදි වූ අඩි 66 ක දිගකින් මෙම මැටින් සමන්විත වේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑඝල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, වවුනියාව, වුලතිව් මන්නාරම, කිලිනොච්චි යන ප්‍රදේශවල පාසල් සඳහා මෙම මැටින් බෙදාදීම සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ උපත ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීමේ උදාරතර පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන යටතේ සිදුකරන ලද තවත් කොටසක් ලෙසින් මෙම මැටින් පරිත්‍යාගය සඳහන් කළ හැක.

මෙම මැටින් බෙදාදීමේ වැඩසටහන යටතේ පළමුව කළුතර දිස්ත්‍රික්කය විසින් සිදුකළ අතර එහිදී කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරිත්‍යාගය සිදුවිය.

මූලික අදියර යටතේ පිරිනමනු ලබන මෙම මැටින් 200 ට අමතරව ඉදිරියේදී තවත් මැටින් 200 ක් පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි. මෙම පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා පාසල් 650 කට ක්‍රිකට් උපකරණ ලබාදීම සිදුකරන ලදී. මීට අමතරව  ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යනු ලබන සෑම පාසලටකම අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාදීමට පියවරගෙන තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවෙන් කොන්ක්‍රීට් විකට්ටු 200 ක්, පැති පුහුණු තණතීරු 50 ක්, ප්‍රධාන තණතීරු 25 ක් සහ තලන යන්ත්‍ර 300 ක් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee