slc
logo
Home   |    News
මාර්තු 24, 2022
කවීෂාගේ තුන් ඉරියව් දක්ෂතා සීනිගමට ජය ගෙනෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (23) ආරම්භ වූ අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නාවික හමුදාව, සීනීගම, ගුවන් හමුදාව “ඒ” සහ යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ.

නාවික හමුදාව ලකුණු 178කින් ගුවන් හමුදා “බී” කණ්ඩායමද සීනිගම ලකුණු 93කින් චිලව් මේරියන්ස්ද ගුවන් හමුදා “ඒ” ලකුණු 191කින් යුද හමුදා “බී” ද යුද හමුදා “ඒ” කඩුලු නවයකින් කොල්ට්ස් ද පරාජය කළහ.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරුණාරත්න මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට මෙදින සමත් වූවාය. සීනිගම නායිකාව කවිෂා දිල් සහ ගුවන් හමුදා “ඒ” කණ්ඩායමේ චමරි පොල්ගම්පල තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට මෙදින සමත් විණි.

නාවික හමුදාවට ලකුණු 178ක ජයක්

නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී නාවික හමුදාවේ හංසිමා කරුණාරත්න (104) උදේශිකා ප්‍ර බෝදිනි (12/3) සහ ශෂිකලා සිරිවර්ධන (13/3) දැක්වූ දක්ෂතා මත ඔවුන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 178කිනි.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරණාරත්න පන්දු 123කට මුහුණ දී හතරේ 11ක් සමග ලකුණු 104ක්ද නායිකාව හර්ෂිතා සමර වික්‍රම පන්දු 79කදී හතරේ හතරක් සමග ලකුණු 58ක්ද රැස් කළ අතර මොවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ සබඳතාවය 92කි.

නාවික හමුදාව පන්දුවාර 50කදී කඩුලු 5ට 251 යි – (හංසිමා කරුණාරත්න 104, හර්ෂිකා සමරවික්‍රම 58, ප්‍රසාදිනි වීරක්කොඩි 38, උසානි රුවන්තිකා 26/3)

ගුවන් හමුදාව “බී” පන්දුවාර 25.4කදී සියල්ල දැවී 73 – (සුරංගිකා පෙරේරා 23, මල්කි මදාරා 16, උදේශිකා ප්‍රබෝධනි 12/3, ශෂිකලා සිරිවර්ධන 13/3, ඉනෝකා රණවීර 13/2)

කවීෂාගේ තුන් ඉරියව් දක්ෂතා සීනිගමට ජය ගෙනෙයි

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මේ තරයේදී සීනිගම කණ්ඩායම කඩුලු 5කට ලබාගත් ලකුණු 240ට පිළිතුරු ලෙස චිලව් මේරියන්ස් ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන ශ්‍රී ලංකා නායිකා  චමරි අතපත්තු (66) සහ  විශ්මි ගුණරත්න ( 18) පන්දු 63කදී ලකුණු 60ක සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුවත් ඔවුන්ගේ දැවී යෑමත් සමඟ තරගයේ සියලු වාසි සීනිගම කණ්ඩායම වෙත දෝලනය විය.

සීනිගම නායිකාව කවිෂා දිල්හාරි පන්දු 75කදී හතරේ පහර 12ක් සමග ලකුණු 91ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 39කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් වූවාය.

සීනිගම පන්දුවාර 50කදී කඩුලු 5ට 240 – ( කවීෂා දිල්හාරී 91, පියුමි වත්සලා නොදැවී 50, නවෝද්‍යා නෙත්මිණි 36, මල්ෂා මධුෂි 13/1 ,කෞෂල්‍යා ජයවර්ධන 20/1)

චිලව් මේරියන්ස් පන්දුවාර 28.2කදී සියල්ල දැවී 147 යි – (චමරි අතපත්තු 66, මල්ෂා මධුෂානි 14, ජනාදී අමාලි නොදැවී 14, කවීෂා දිල්හාරි 39/4, සචිනි නිසංසලා 41/4)

ගුවන් හමුදා පිලට දැවැන්ත ජයක්

කටුනායක පැවති මේ තරගයේදී ගුවන් හමුදා“ඒ” කණ්ඩායමේ චමරි පොල්ගම්පල ලකුණු 82ක්  රැස් කර පසුව ලකුණු 8කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දැක්වූ දක්ෂතා මත ගුවන් හමුදා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන්නියන් වන චමරී පොල්ගම්පල පන්දු 102කදී හතරේ 12ක් සමග ලකුණු 82ක්ද ඕෂදී රණසිංහ පන්දු 61කදී හතරේ 10ක් සමග ලකුණු 71ක්ද රැස් කළහ.

ගුවන් හමුදාව ” පන්දුවාර 50කදී කඩුලු 7ට 272 – (චමරි පොල්ගම්පල 82, ඕෂදී රණසිංහ 71, දුලානි මන්දනා 41 ,මල්ෂා ෂෙහානි 30, සචිනි ද සිල්වා 28/2, මදාරා සමරකොන් 30/2, සචිනි ද සිල්වා 30/2)

ගුවන් හමුදා බී  පන්දුවාර 44.2දී 81 යි – (අපේක්ෂා චන්ද්‍රසිරි 15, දිනුෂා සමරකෝන්14, චමරි පොල්ගම්පල 8/3, අමා කාංචන 13/2)

කෝල්ට්ස් කඩුලු 9 කින් පරදියි

පානාගොඩ පැවති මේ තරගයේදී යුදු හමුදා “ඒ” කණ්ඩායමේ ගනේෂා චමරි ලකුණු හතකට කඩුලු හයක්ම දවාලීමට සමත්වීම නිසා ප්‍රබල කොල්ට්ස් ක්‍රීඩා සමාජ ඉනිම ලකුණු 45කට සීමාවිණි. යුද හමුදාව  මේ තරගයෙන් ජය ලැබුවේ පන්දුවාර 36.1ක්ම ඉතිරිව තිබියදීය.

කොල්ට්ස් පන්දුවාර 32.4කදී සියල්ල දැවී 45 – ( ඒ ජන කාන්ති මාලි 10,වරුනි සුබසිංහ 09,ගනේෂා චමරි 7/6,අචිනි කුලසූරිය 9/2)

යුද හමුදා   පන්දුවාර 13.5කදී කඩුලු 1කට 46 යි – ( අනුෂික සංජීවනි නොදැවී 16,රෝෂිනි පෙරේරා 12,නිමාෂ මධුෂානි 21/1 යි)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee