slc
logo
Home   |    News
මාර්තු 22, 2022
සිව්දින තරගාවලියේ දක්ෂතා අතර කමිඳු සහ මාලින්ද පෙරමුණේ

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ පැවැති තරග වලින් පසු පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට කැන්ඩි  පිලේ කමිඳු මෙන්ඩිස් සමත් වද්දී පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට දඹුල්ල පිලේ දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර සමත්ව සිටිති.

තරග 4 කට ක්‍රීඩා කර ඇති කැන්ඩි නායකයා ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 81.12 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 649 ක් රැස් කරගෙන සිටින්නේ ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක්ද සමඟිනි. තරගාවලියේ වැඩිම ශතක ලාභියා බවටද පත්ව සිටින කමිඳුගේ ඉනිමක වැඩිම ලකුණු ලෙස ජැෆ්නා පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 137 සටහන් වේ. මෙවර තරගාවලියේ කමිඳු කෙතරම් හොඳින් පිතිකරණයේ යෙදී තිබේද කිවහොත් ඔහුට පසුපසින් සිටින එම කණ්ඩායමේම ඕෂද ප්‍රනාන්දු සිටින්නේ ලකුණු  173 ක් පිටුපසින්වීම කැපී පෙනෙයි.

මෙවර තරග වාරයේ තරග 3 කට සහභාගිවී ඇති වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර, කඩුලු 18 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 26.44 ක් රඳවා ගනිමිනි. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස කැන්ඩි පිලට එරෙහිව ලකුණු 120 ට දවා ගන්නා ලද කඩුලු 7 සටහන් වද්දී කඩුලු 5 ට වැඩියෙන් දවා ගැනීම් 3 ක් වාර්තා කිරීමට මාලින්ද සමත්ව සිටියි. පළමු ඉනිමේ දක්ෂතාවයට අමතරව දෙවැනි ඉනිමේදීද කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත්වන මාලින්ද සමස්ථ තරගයේදී ලකුණු 228 කට කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්වූවේය. එම තරගයේ ලසිත් කෲස්පුල්ලේගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමග පළමු පෙළ තරග අංශයේ කඩුලු 800 සීමාව ඉක්මවාලීමටද මාලින්ද සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ කඩුලු 800 ක් ඉක්මවන ලද 6 වැනි පන්දු යවන්නා වන්නේද මාලින්ද පුෂ්පකුමාර වේ.

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලද පිතිකරුවන් සිව්දෙනාම කැන්ඩි කණ්ඩායම නියෝජනය කරන්නන් වීම කැපී පෙනෙයි. කැන්ඩි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන මලින්ද වර්ණපුර මහතාගේ ගුරු හරු කම් මධ්‍යයේ තරග වදින් කැන්ඩි පිතිකරුවන් අතරින් ඕෂද ප්‍රනාන්දු (476), සහන් ආරච්චිගේ (363) සහ ළහිරු උදාර (343) කමිඳුට පසු පෙළිවෙළින් පසුවෙති.

පන්දු යවන්නන් අතර තරග 3 කට ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරිය කඩුලු 15 ක් බිඳ හෙළා දෙවැනි තැන පසුවද්දී ලක්ෂිත මුණසිංහ සහ චානක රුවන් සිටි කඩුලු 12 බැගින් දවා එහි තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති. කලම්බු කණ්ඩායමේ කසුන් රජිතත් කැන්ඩි කණ්ඩායමේ අසිත ප්‍රනාන්දුත් කඩුලු 11 බැගින් ලබමින්  පස්වැනි සහ හයවැනි ස්ථාන වල පසුවද්දී කැන්ඩි කණ්ඩායමේ අෂේයින් ඩැනියෙල් කඩුලු 10 ක් ලබා 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

Active filters

Recent Posts

  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]

Pin It on Pinterest

USD United States (US) dollar