slc
logo
Home   |    News
මාර්තු 25, 2022
දඹුල්ල කඩුලු 2 ට ලකුණු 159 යි

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (24 od) ආරම්භ වූ දඹුල්ල සහ ජැෆ්නා අතර තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය නියමිත වේලාවට පෙර නිමා කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 159 ක් ලබාගෙන සිටියේය.

තරගය නිමාවන විට නායක මිනොද් භානුක පන්දු 98කදී හතරේ පහක් සමග නොදැවී ලකුණු 52ක්ද ලසිත් අබේරත්න පන්දු 114කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 60ක් ද ලබා සිටියහ. මොවුන් අතර තෙවන කඩුල්ලේ නොදැවුණු සබඳතාවය පන්දු 186 කදී ලකුණු 131 ක් විය.

මේ තරගයට සවස 2 පමණ සිට පැය දෙකක කාලයක් වර්ෂාව මත පන්දුවාර 40ක් පමණම අහිමි විය. ජැෆ්නා කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්  පන්දු රැකීමය. දඹුල්ල ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිමේෂ් ගුණසිංහ (17) සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ (24) පළමු කඩුල්ලට එක්කළ ලකුණු ප්‍රමාණය 23කි. ප්‍රබල පන්දු යැවීමක නිරත  වූ ආරම්භක පන්දු යවන්නා නුවන් ප්‍රදීප් දැවීගිය  කඩුලු දෙකම දවාලූවේ ලකුණු 39ක් දිමෙනි.

ලකුණු විස්තරය

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 2ට ලකුණු 159 යි – (ලසිත් අබේරත්න නොදැවී 60, මිනෝද් භානුක නොදැවී 42, නිමේෂ් ගුණසිංහ 17, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, නුවන් ප්‍රදීප් 39/2යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee