අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මණ්ඩල සහ කමිටු රැස්වීම්වලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් අද (06 දා) පෙරවරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව ගියවහ. මෙම රැස්වීම අප්‍රේල් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව මෙම රැස්වීම් සහභාගිවීම සඳහා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද මෙම රැස්වීමට සහභාගිවූ පිරිස අතර වෙති.