slc
logo
Home   |    News
මැයි 6, 2022
අන්තර් සමාජ විස්සයි-20 තරගාවලිය මැයි 22 ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස මාර්තු මස 22 වැනිදා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහ තරගය ජුනි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවරත් ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

ජුනි මස 02 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

විස්සයි-20 තරග බැවින් මෙම තරගාවලියේදී තරග ක්‍රියාත්මක සෑම දිනකම උදෑසන සහ පස්වරුවේ එක් පිටියක තරග 2  බැගින් පැවැත්වෙනු ඇත.
අවසන් වරට පැවැති දේශීය ක්‍රිකට් විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ එස්.එස්.සී. කණ්ඩායම සමත්වද්දී එහි අනුශූරතාව යුද හමුදා කණ්ඩායමට හිම්විය.

ඒ කාණ්ඩය – බදුරලිය, සී.සී.සී. එස්.එස්.සී., සැරසන්ස්, ගුවන් හමුදාව, ලංකන්ස්, ඒස් කැපිටල්.     

බී කාණ්ඩය – එන්.සී.සී., රාගම, බී.ආර්. සී, පානදුර, හලාවත මේරියන්ස්, නුගේගොඩ

සී කාණ්ඩය – ටැමිල් යුනියන්, නිගම්බු, කෝල්ට්ස්, පොලිස්, කැන්ඩි කස්ටම්ස්, සෙබස්තියනයිට්ස්.

ඩී කාණ්ඩය –  යුධ මුදාව,කරුණෑගල තරුණ,
මුවර්ස්, ගෝල්, බ්ලූම්ෆීල්ඩ්, නාවික හමුදාව, කලුතර නාගරික

ගියවර ශූරතාව දිනූ එස්.එස්.සී. කණ්ඩායම ශූරතා කුසලාන සමඟ

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee