slc
Home   |    News
මැයි 29, 2022
කාන්තා පිල තෙවැනි තරගයත් පරදියි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම අද (28 දා) සමත්විය. ඒ අනුව දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද 3-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කරච්චිහි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැති මෙම තරගයේදී පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 2 ක් ලබාගත යුතු වූ අතර නායිකා බිස්මා මරූෆ් එම ලකුණු රැස් කරමින් පාකිස්තානු කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියාය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු ඕෂධී රණසිංහ පන්දුවාර 4 ලකුණු 18 ක සීමා කරමින් කඩුලු 3 ක් දවා ගත්තාය. ඊට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගනිමින් පාකිස්තානු හඹා යෑම අසීරුවට පත් කළාය.

මෙම පරාජයේදී කාන්තා පිල මුහුණ දුන් ප්‍රධානම ගැටලුව බවට පත්වූයේ දුවද්දී දැවී යෑම් 5 කට මුහුණ දීමය. එම තත්ත්වය නිසා නියමිත පන්දුවාර 20 අවසන් වන විට ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක් පමණි.

පළමු තරග දෙකේදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුණු නායිකා චමරි අතපත්තු ද තරගයේදී ලකුණු 37 ක් රැස් කිරීම කැපී පෙනුණි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වුණා චමරිගේ ඉනිමට අමතරව හසිනි පෙරේරා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 107 යි – හසිනි පෙරේරා 24, චමරි අතපත්තු 37, අනුෂ්කා සංජීවනී 14*

පාකිස්තානු කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 108 යි – ආලියා රීසා 17, නීඩා ඩාර් 14, බිස්මා මරූෆ් 15*, මුනිබා අලී 25, ඕෂදී රණසිංහ 18/3, කවීෂා දිල්හාරි 28/2

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest