slc
Home   |    News
මැයි 23, 2022
ධනාත්මක සිතුවිලි සමග කාන්තා ක්‍රීඩිකාවෝ හෙට පාකිස්තානය මුණ ගැසෙති

sinhala editor

By Chamila Karawita

පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (24 දා) සිය පළමු විස්සයි-20 තරගයට කරච්චිහිදී තරග වදිනු ඇත. කොරෝනා වසංගතයෙන් පසු දීර්ඝ කාලයක් ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා පිලට අහිමිවූ බැවින් මෙවර තරග වදිනු ලබන්නේ 2019 වසරෙන් පසුව වීම කැපී පෙනෙයි.

ඒ් අතරතුර කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට මැලේසියාවේදී සහභාගිවූ අතර ඒම තරගාවලිය පහසුවෙන් ජය ගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ගිලිහුණු නමුත් ශ්‍රී ලංකාවේ හෙට දිනයේ ප්‍රතිවාදීන් බවට පත්ව සීටින පාකිස්තානු පිල 2021 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළේය. කෙසේ වෙතත් දෙරට ද්වී පාර්ශ්වික තරගාවලියකදී මුණ ගැසෙනු ලබන්නේ 2006 වසරෙන් පසුව වේ.

විස්සයි-20 රටවල් ශ්‍රේණිගත කිරීමේ පාකිස්තානය පසුවන්නේ ශ්‍රී ලංකාවට ඒක් ස්ථානයක් ඉදිරියෙන් හෙවත් 7 වැනි ස්ථානයේය. දෙරට අතර තරග 13 කින් සමන්විත ඉතිහාසයේ දෙපිළම ජයග්‍රහණ 6 බැගින් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ඒක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

හෙට ඇරඹෙන තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතලම ගැටලුව වන්නේ වේග පන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනීගේ සේවය කණ්ඩායමට අහිමිව තිබීමයි. ඇය මෙම තරග සංචාරයට ඇතුළත් වුවත් කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා කණ්ඩායමට ඒකතුවීමේ අවස්ථාව තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඊට අමතරව චමරි අතපත්තු සමඟ ඉනිම ආරම්භ කිරීමේ වගකීම හිමි විශ්මි ගුණරත්නද මෙම තරගාවලියට ඇතුළත්ව නොමැතිවීම ශ්‍රී ලංකාවේ ශක්තියට තරමක් හානිකරවන්නක් වනු ඇත.

විශ්මි නොමැති කණ්ඩායමේ බොහෝ විට නායිකා අතපත්තු සමඟ ඉනිම ආරම්භ කිරීමේ වගකීම හසිනි පෙරේරා විසින් සිදුකරනු ඇත. මෙම තරගාවලිය සඳහා නායිකා චමරි අතපත්තු පැමිණෙන්නේ ඉකුත්දා නිමාවට පත් වුණු ෆෙයාර් බ්‍රේක් තරගාවලියේ තරග 7 කදී ලකුණු 313 ක් ලබා ඒම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වෙමිනි.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියේ ශ්‍රේණිගත කිරීම්වලදී පාකිස්තානු කණ්ඩායම ඉදිරියෙන් රැඳී සිටියත් ඔවුන්ව පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බවයි.

“රෑංකිං කියන්නේ නම්බර් ඒකක් විතරයි. එදා දවසේ හොදට ක්‍රීඩා කරන කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනවා.  එ්ක වලර්ඩ් නම්බර් වන් වෙන්නත් පුලුවන්. තරගයට කළින් කියන්න අමාරු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. මම ඉන්නේ ඒ මතයේ. හැබැයි ඔවුන්ගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඉන්නවා. ඒත් මම විශ්වාස කරනවා අපේ පිතිකරණය ඔවුන්ට වඩා ඉහළ මට්ටමක පතිනවා කියලා. සහ අපේ පන්දු යැවීමේ තිබුණු යම් යම් අඩුපාඩු දැන් ගොඩක් හැදිලා තියෙනවා. සමබර කණ්ඩායම් දෙකක් කියල මේ කණ්ඩායම් දෙක හඳුන්වන්න පුලුවන්. ඒ් වගේම කණ්ඩායමට ඇවිල්ලා ඉන්න නවක ක්‍රීඩිකාවන් ඉතාම හොඳින් පන්දුවට පහර දෙනවා. මට ඔවුන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ් නිසා මම හිතනවා හෙට තරගය අපි ජයග්‍රහණය කරයි කියලා” යනුවෙන් චමරි අතපත්තු පවසා සිටියාය.  

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest