slc
logo
Home   |    News
මැයි 27, 2022
පාකිස්තානු ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

sinhala editor

ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත්විය.

කරච්චියේදී පැවැත් මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු පන්දු බලපරාක්‍රමය හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 102 ක පමණි. එය හඹා යෑමේදී කඩුලු 3 ක් දැවී රැස් කර ගැනීමට පාකිස්තානු පිතිකාරිණියන් සමත්වද්දී පන්දු 17 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

ශ්‍රී ලංකාව හමුවේ පන්දු යැවීම පාකිස්තානු පන්දු යවන්නියන් පස් දෙනාම කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වීම ද කැපී පෙනිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට ආරම්භක පිතිකාරිණී හසිනි පෙරේරා සමත්වූ අතර ඇය පන්දු 51 කදී ලකුණු 35 ක් රැස් කර ගත්තාය. ඇයට අමතරව හර්ෂිතා මධවී ලකුණු 16 ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 21 ක් රැස් කළහ.

පාකිස්තානය වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ අයේෂා නසීම් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 45 ක් රැස් කර ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 102 යි – හසිනි පෙරේරා 35, හර්ෂිතා මාධවී 16, නිලක්ෂි ද සිල්වා 21

පාකිස්තාන කාන්තා පිල පන්දුවාර 17.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 104 යි – මුනිබා අලී 17, බිස්මා මරූෆ් 22*, අයේෂා නසීම් 45*

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee