slc
logo
Home   |    News
මැයි 18, 2022
ශ්‍රී ලංකාව අනපේක්ෂිත අසීරුතාවකට මුහුණ දෙයි

sinhala editor

By Chamila Karawita

ටමීම් ඉක්බාල්ට අමතරව මුෂ්ෆිකර් රහීම්ද ශතකයක් වාර්තා කර ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට රෙහිව චිටෝග්‍රෑම්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (18 දා) දිනදී පළමු ඉනිමේදී ලකුණු 68 ක වාසියක් අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටියේය. ඒ අනුව සිව්වැනි දිනට ක්‍රීඩාව නවතා දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 39 ක් ඇතුළත කඩුලු දෙකක් බිඳ දමමින් සංචාරකයින් කිසිසේත් නොසිතූ අසීරුතාවයකට ඇද දැමීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත්වූහ.

කඩුලු අතර දිව යෑමේදී කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කිරීමට සමත්වීම නිසා ඕෂධ ප්‍රනාන්දුව ලකුණු 19 කට ද සැඳෑ පිතිකරුගේ වගකීම ඉටු කිරීමට පැමිණි ලසිත් ඇඹුල්දෙණියව ලකුණු 02 කට දවා ගත් තයිජුල් ඉස්ලාම් ශ්‍රී ලංකාව අසීරුතාවයට ඇද දැමීමේ පුරෝගාමියේ වූවේය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකාව අවතීර්ණ වන්නේ ලකුණු 29 ක් පිටුපසින් වන අතර අත ඉතිරිව තිබෙන්නේද කඩුලු 8 ක් පමණි.  නායක දිමුත් කරුණාරත්න ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින්නේය.

ඒ හැරුණු විට අද දිනයේ වාර්තා වුණු සුවිශේෂී කරුණු අතර හිටපු නායක මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණ 5000 සීමාව පසු කරන ලද පළමු බංග්ලාදේශ පිතිකරුවා බවට පත්වීමයි. මෙම තරගයට පෙර රහීම් මෙන්ම ටමීම් ඉක්බාල්ද ලකුණු 5000 සීමාව ආසන්නයට පැමිණ සිටි අතර මස්පිඬුවක ඇතිවූ ආබාධය හේතුවෙන් ටමීම් ඊයේ දිනයේදී පන්දුවට පහරදීම පසෙක තබා විවේකය ලබා ගත්තේය. ඒ වන විටත් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 5000 සීමාව පසුකරන ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ටමීම්ට අවශ්‍යව තිබුණේ ලකුණු 19 ක් පමණි. ටමීම්ගේ ආබාධයේ වාසිය මුෂ්ෆිකර් රහීම් සතු විය. රහීම් මෙම දස්කම දක්වන ලද්දේ සිය 81 වැනි ටෙස්ට් තරගයේදීය.  

රහීම් අද දිනයේදී රැස් කරන ලද්දේ සිය 8 වැනි ටෙස්ට් ශතකය විය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට හතරේ පහරක් ඒල්ල කරමින් සිය ශතකය සපුරා ගත් රහීම් ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ගියේය. ඒ වන විට පන්දු 282 කට මුහුණ දී සිටි රහීම් ලකුණු 105 ක් රැස් කරගෙන සිටියේය. හතරේ පහර ල්ල කරනවාට වඩා කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කිරීමට රුචිකත්වයක් දැක්වූ හිටපු නායකයා දැවී යන විටත් තම ඉනිමට ඇතුළත් කර තිබුණේ හතරේ පහර 4 ක් පමණි. දිවා ආහාරයෙන් පසු යවන ලද පළමු පන්දු කෙදේමීම පිට පිට කඩුල දෙකක් දවා ගැනීමට කසුන් රාජිත සමත්වූවේය. විශ්ව ප්‍රනාන්දු වෙනුවට කම්පන ආදේශක ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමට එකතු වූ කසුන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අභිමුවට පැමිණියද ඊළඟ පන්දුවට පහර දුන් ශකීබ් අල් හසන් කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව ඔහුට අහිමි කළේය. කෙසේ වෙතත් ලකුණු 60 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් කසුන් අද දිනයේ සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කර ගත්තේය. 10 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දකුණත් වේග පන්දු යවන්නාගේ මීට පෙර හොඳම පන්දු යැවීම ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවන්හි ලකුණු 20 ට දවා ගන්නා ලද කඩුලු 3 සටහන් විය.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar