slc
Home   |    News
මැයි 26, 2022
සරේ පිලට කඩුලු නවයක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ලන්ඩනයේ ද ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ක්‍රිකට් තරගයෙන් සරේ ප්‍රාන්ත පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කඩුලු නවයකිනි.

සරේ ප්‍රාන්තය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පැවරූ අතර ලංකා කණ්ඩායම පන්දුවාර 18.5කදී සියලු පිතිකරුවන් දැවී රැස්කළ ලකුණු 106ට පිළිතුරු ලෙස සරේ කණ්ඩායම පන්දුවාර 9.4කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් රැස් කරමින් පහසු ජයග්‍රහණය වාර්තා කළේය. ඒම ජයග්‍රහණය සරේ පිල ඉදිරියෙන් වාර්තා වන විට ඉනිමේ තවත් පන්දු 62ක් ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දුවාරයකට ලකුණු 5.62ක් වු අතර සරේ කණ්ඩායමේ ලකුණු රුස් කිරීමේ වේගය පන්දුවාර 9.4කී.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලසිත් කෘස්පුල්ලේ (06) නිපුන් ධනංජය (02) සහ අංක තුන පිතිකරු නිශාන් මධුශ්ක ( 03) මුළු ලකුණු 19ක් වන විට දැවී යාමත් සමග නැවත තරගයට අවතීර් ණවීමට ලංකා කණ්ඩායම අසීරු කාර්යයක් විණි.

අංක හත පිතිකරු අෂේන් බණ්ඩාර පන්දු 34කට මුහුණදී හතරේ තුනක් සමග ලකුණු 33ක් ද නායක ධනංජය ලක්ෂාන් පන්දු 21කදී හතරේ හතරක් සමග ලකුණු 27ක් ද ලැබූහ.ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ සිව්වන කඩුල්ලට ධනංජය ලක්ෂාන් සහ නුවනිඳු ප්‍රනාන්දු  එක් කළ ලකුණු 28 ය.

මෙම තරගයට සරේ කණ්ඩායම ඔවුනගේ දක්ෂතම පළමු ශ්‍රේණියේ කණ්ඩායම ඉදිරිපත් කර සිටි අතර ඔවුනගේ ආරම්භක පිතිකරු වූයේ එංගලන්තයේ සීමිත ඕවර ආරම්භක පිතිකරු ජේසන් රෝයි ය. සරේ කණ්ඩායම වෙනුවෙන් විල් ජැක්ස් නොදැවී 58ක් ද ඔලී පොප් නොදැවී 31ක් ද රැස් කළහ. ජේසන් රෝයි ලකුණු 11ක් ලබා සිටියදී උදිත් මධුෂාන්ගේ පන්දුවකට නුවනිඳු අතට  උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 13.5කදී සියල්ල දැවී 106 යි  – අෂේන් බණ්ඩාර 33, ධනංජය ලක්ෂාන් 27, රීස් ටොප්ලි 13/3, සෑම් කරන් 21/2, ජෙමී ඔවර්ටන් 8/2

සරේ පන්දුවාර 9.4කදී කඩුලු 1ක් දැවී ලකුණු 111 යි – ඔලී පෝප් නොදැවී 31, විලී ජැක් නොදැවී 58, ජේසන් රෝයි 11, උදිත් මධුෂාන් 37/1.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest