slc
Home   |    News
මැයි 17, 2022
සිව්දින තරගය විසඳුමෙන් තොරයි

sinhala editor

එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින තරගය විසඳුමකින් තොරව අද (16 දා) නිමාවට පත්විය.

නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස්කළ ලකුණු 281ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමවන විට කඩුලු පහකට ලකුණු 252ක් ලබාසිටි හැම්ප්ෂයර් කණ්ඩායම අද (16) දිනයේ තරගය ආරම්භ කරන අවස්ථාවේ තම ප්‍රථම ඉනිම  අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් පන්දුවට පහර දීමට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දිවා ආහාරයට තරගය නතර කරන විට කඩුලු 3කට ලකුණු 107ක් රැස්කරමින් සම්පූර්ණ තරගයේදී කඩුලු 7ක් අතැතිව ලකුණු 136කින් ඉදිරියෙන් සිටියේය. විසඳුකින් තොර තරගයක් හේතුවෙන් දෙපිළේම කැමැත්ත මත අවසන් හෝරාව ඒළඹෙත්ම තරගය නතර කර දැමූහ.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 43ක්ද අංක 3 පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 29ක්ද රැස්කළහ. නොදැවී සිටින පිතිකරුවන් දෙදෙනා වූයේ නුවනිඳු ප්‍රනාන්දු (ලකුණු 14 ක්) සහ ධනංජය ලක්ෂාන් (ලකුණු 10)ය.

හොඳම සබඳතාවය වූයේ දෙවන කඩුල්ලට ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මධුෂ්ක එක්කළ ලකුණු 69 විය. නායක නිපුන් ධනංජය මුළු ලකුණු 6දී පෙට්රි එවූ පන්දුවකට පන්දු යවන්නාටම උඩ පන්දුවක් දීමෙන් දැවීගියේ ලකුණු තුනකටය.

ලංකා නැගී එන කණ්ඩායමේ මීළඟ තරගය පැවැත්වෙන්නේ ග්ලොෂ්ටර්ෂයර් ප්‍රාන්තය සමඟය.

ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම  පන්දුවාර 86.1කදී 281යි. – (සංතූෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුතින් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන්  21, අෂේන් ඩැනියල් 21, ජෝන් ටර්නර් 31/5,  හැරී  පෙට්රි 48/3, ඩොමිනික් කෙලී 55/2)

හැම්ප්ෂයර් පන්දුවාර 91 කදී කඩුලු 5ට 252 යි – (ටොබී ඇල්බර්ට්  නොදැවී 69, ෆ්ලෙචා මිඩ්ල්ටන් 64, රොස් වයිට්ලි නොදැවී 55, ටොම් ප්‍රෙස්ට් 35, ධනංජය ලක්ෂාන් 43/2, උදිත් මධුෂාන් 73/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවන ඉනිම පන්දුවාර 28කදී කඩුලු 3ට 107යි – (ලසිත් කෲස්පුල්ලේ 43, නිශාන් මධුෂ්ක 29, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 14, ධනංජය ලක්ෂාන් නොදැවී 10යි, හැරී පෙට්රි 23/1, ෆී ලික්ස් ඕගන් 19/1යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest