slc
Home   |    News
මැයි 15, 2022
හැම්ප්ෂයර් පෙරළා සටන් වදී

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 281ක් හඹා යන හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම දෙවැනි දින තරගය නිමාවනවිට කඩුලු පහකට ලකුණු 252 ක් ලබා ගැනීමට සමත්වූවේය.

54 වන පන්දුවාරය වනවිට හැම්ප්ෂයර් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 154 ක් පමණක් රැස් කරමින් අසීරු තත්ත්වයක පසු වුවද හයවන කඩුල්ලට පන්දුවට පහරදෙන ටොබී ඇල්බර්ට් සහ රෝස් වයිට්ලි ඒක්ව ලකුණු 98 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා සැනසිලිදායක තත්ත්වයකට පැමිණීමට හැම්ප්ෂයර් කණ්ඩායමට හැකිවිය.

හැම්ප්ෂයර් කණ්ඩායම මේවනවිට ප්‍රථම ඉනිමේදී කඩුලු පහක් ඉතිරිව ලකුණු 29ක් පමණක් පිටුපසින් සිටී. සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන  මේ සිව්දින තරගයේදී හැම්ප්ෂයර් කණ්ඩායම වෙනු‍වෙන් නොදැවී පන්දුවට පහර දෙන ටොබී ඇල්බර්ට් නොදැවී 69ක්ද  සහ රෝස් වයිට්ලි නොදැවී 55 ක්ද ලබා සිටිති. මේ පිතිකරුවන් දෙදෙනා තම කණ්ඩායම අසීරු තත්වයෙන් ගොඩ ගැනීමට  ඉතාමත් අඩු වේගයකින් ලකුණු  රැස් කිරීමද  විශේෂත්වයකි.

ඇල්බර්ට් ලකුණක් රැස් කිරීමට පන්දු තුනකට වඩා ගත කළ අතර වයිට්ලි ලකුණක් රැස්කිරීමට පන්දු දෙකද ඉක්මවිය . එසේ වුවද කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට මේ පිතිනරුවන් දෙදෙනා ඉවසිලිවන්තව දරණ  උත්සාහය තරුණ ක්‍රීඩකයන්ට උදාහරණයකි.

දෙවන දින දිවා ආහාරය වන විට  හැම්ප්ෂයර් කඩුලු තුනකට ලකුණු 89ක්ද සවස තේ විවේකය වන විට කඩුලු පහකට  ලකුණු 166ක්ද  ලබා සිටියේය .ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු ධනංජය ලක්ෂාන් ලකුණු43 කට කඩුලු දෙකක්ද  උදිත් මධුෂාන් ලකුණු 73 කට කඩුලු දෙකක්ද දවාලුහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 86.1 කදී 281 යි – (සංතූෂ්  ගුණතිලක 53 නුවනිඳු ප්‍රනාන්දු 52 දුනිත් වෙල්ලාලගේ 44 දිලුම් සුධීර 33 ජෝන් ටර්නර්31/5 හැරී පෙට්රි 48/3 ඩොමිනික් කෙලී 55/2 යි)

හැම්ප්ෂයර් කඩුලු 5ට ලකුණු 252( පන්දුවාර 91යි)  –  (ටොබී ඇල්බර්ට්  නොදැවී 69 ෆ්ලෙචා මිඩ්ල්ටන් 64 රෝස් වයිට් නොදැවී 55ටොම් ප්‍රෙස්ට් 35 ධනංජය ලක්ෂාන් 43/2 උදිත් මධුෂාන් 73/2)

බන්දුල මොල්ලාගොඩ

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest