slc
logo
Home   |    News
මැයි 4, 2022
LPL අධ්‍යක්ෂ ‘වික්‍රමරත්න’ ධුරයෙන් ඉවත්වෙයි – හිස්වූ පුටුව ‘දොඩන්වෙල’ට

sinhala editor

වසර 2 ක කාලයක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා වන රවීන් වික්‍රමරත්න මහතා එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඒ මහතා එම ධුරයෙන් ඉවත්ව ඇත.

ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට පාත්‍රවෙමින් අතිශය සාර්ථකත්වයට පත්ව 2020 වසරේදී පවත්වන ලද අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ලද වික්‍රමරත්න මහතා, 2021 වසරේ පැවැති තරගාවලියේදීද තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් තිරයෙන් පිටුපස සිට දැඩි කාර්ය භාරයක් ඉටු කළේය.

“මෙතෙක් කලක් අපි ඉතා හොඳින් ඉටු කරපු කාර්යය භාරය දිගටම කරගෙන යන්න අලුත් කෙනෙකුට භාර දෙන්න හොඳම කාලය තමයි මේ” යැයි සිය ධුරයෙන් ඉවත්ව යෑම පිළිබඳව වික්‍රමරත්න මහතා කරුණු දක්වා සිටියේය.

වික්‍රමරත්න මහතාගේ ඉවත්ව යෑමත් සමග එම තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තරග සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. විධායක කමිටුවේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කරනු ලබන දොඩන්වෙල මහතා, මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පවා නියෝජනය කිරීමට වරම් ලද්දෙකි. දොඩන්වෙල මහතා 1991 සිට 1997 දක්වා වු කාල සීමාවේදී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

වෘත්තියෙන් තේ රස පරීක්ෂකයකු වන දොඩන්වෙල මහතා වර්තමානයේ වෙළෙඳ සේවා තේ නිෂ්පාදන තැරැව්කරුවන්ගේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරනු ලබන දොඩන්වෙල මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කොට ඇති නීති රීතීන්වලට අනුව 2022 වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලිය මෙහෙයවීමේ වගකීම පැවැරෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee