slc
logo
Home   |    News
ජූනි 8, 2022
ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට කඩුලු හතක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා “ඒ” ක්‍රිකට් කන්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ” ක්‍රිකට් කණ්ඩායම අතර මෙට්ලන්ඩ් පෙදෙස් එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද( 08) පැවතී එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලබා ගත් ලකුණු 297 ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු තුනකට ලකුණු 298ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා“ඒ”  පිලට පැවරීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය  පන්දුවාරයකට 5.94 ක් වූ අතර ඕස්ට්‍රේලියාවේ එම වේගය 6.25 ක් විණි.

ශ්‍රී ලංකා “ඒ” රැස්කළ ලකුණු 297 ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දෙද්දී ඕස්ට්‍රේලියා “ඒ” අංක හතර පිතිකරු කැමරන් ග්‍රීන් පන්දු 111 කට මුහුණදී හතරේ 11ක් සහ හයේ පහර තුනක් සමග නොදැවී ලකුණු 119 ක් ලබා මේ පහසු ජයග්‍රහණයට ප්‍රධාන අඩිතාලම දැමීය. මීට අමතරව මැට් රෙන්ෂෝ  ලකුණු 68ක් ද නායක ඇලෙක්ස් කේරි නොදැවී 52ක් ද රැස් කළහ. සිව්වන කඩුල්ලට කැමරන් ග්‍රීන් සහ නායක ඇලෙක්ස් කේරි නොදැවී  එක්කළ ලකුණු සංඛ්‍යාව 116කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 55කට කඩුලු දෙකක් දවාලීම හැරෙන විට පුලින තරංග එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා “ඒ” නායක ධනංජය ද සිල්වා  සහ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු  අර්ධ ශතක වාර්තා කළ අතර තවත් මැද පෙළ පිතිකරුවන් තිදෙනෙකු වන අෂේන් බණ්ඩාර (48) කමිඳු මෙන්ඩිස් ( 42) සහ දුනිත් වෙල්ලාලගේ (33) ලකුණු අතරට පැමිණිමෙන් ලංකා “ඒ” කණ්ඩායමට ලකුණු තුන්සියයේ සීමාව ආසන්නයට යාමට අවස්ථාව උදාවිණි.

අර්ධ ශතක ලාභීන් වූ  නායක ධනංජය ද සිල්වා පන්දු 70කදී හතරේ දහයක් සමග ලකුණු 68ක් ද ඕෂද ප්‍රනාන්දු පන්දු 62කදී හතරේ හතක් සමග ලකුණු 65ක් ද ලැබීමෙන් ලංකා ඉනිම ආරම්භයේදී ස්ථාවර තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදාවිණි.මීට අමතරව දස්කම් පෑ අෂේන් බණ්ඩාර පන්දු 46කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමග ලකුණු 48ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 47කදී හතරේ හතරක් හයේ දෙකක් සමග ලකුණු 42 ක් ද දුනිත් වෙල්ලාලගේ පන්දු 30කදී හයේ පහර දෙකක් සමග ලකුණු 33ක් ද රැස් කළහ.

කණ්ඩායම් හොඳම සබඳතාවයන් වූයේ දෙවන කඩුල්ලට ඕෂද ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් පන්දු 97 කදී එක් කළ ලකුණු 87 වැඩිම ලකුණු සම්බන්ධතාව බවට පත් වද්දී පස්වන කඩුල්ලට නායක ධනංජය ද සිල්වා  සහ අෂෙන් බන්ඩාර පන්දු 48 කදී ලකුණු 50 ක් සහ හයවන  කඩුල්ලට අෂේන් බණ්ඩාර සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 51කදී එක්කළ ලකුණු 62 ක් එක් කළහ. ඔස්ට්‍රේලියා “ඒ” පන්දු යවන්නන් අතුරින් ආරම්භක පන්දු යවන්නා මාර්ක් ස්ටෙකට් ලකුණු 72කට කඩුලු 2ක් ද ටොඩ් මර්ෆි ලකුණු 53කට කඩුලු දෙකක්ද දවාලූහ .

ශ්‍රී ලංකා “ඒ” පන්දුවාර 50 කදී කඩුලු 7ට ලකුණු 297 යි – ධනංජය සිල්වා 68, ඕෂද ප්‍රනාන්දු 65, අෂේන් බණ්ඩාර 48, කමිඳු මෙන්ඩිස් 42, දුනිත් වෙල්ලාලගේ 33, ටොඩ් මර්ෆි 53/2, මාර්ක් ස්ටෙකට් 72/2

ඕස්ට්‍රෙලියා “ඒ” පන්දුවාර 47.4 කදී කඩුලු 3ට ලකුණු 298 යි  – කැමරන් ග්‍රීන් නොදැවී 119,  මැට් රෙන්ෂා 68, ඇලෙක්ස් කේරී නොදැවී 52, හෙන්රී හන්ට් 36, දුනිත් වෙල්ලාලගේ 52/2, පුලින තරංග 69/1

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar