slc
Home   |    News
ජූනි 23, 2022
ඕස්ට්‍රේලියා   මුල් ඉනිමේදී 254 කට දැවීයයි

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා “ඒ” – ඕස්ට්‍රේලියා “ඒ” දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයවූ අද (22 දා) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම ලකුණු 27කට කඩුලු දෙකක් දැවී ඕස්ට්‍රේලියා “ඒ” ප්‍රථම ඉනිමට වඩා ලකුණු 103ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා “ඒ” ප්‍රථම ඉනිමේදී මුල් දින නිමවන විට කඩුලු 9කට ලකුණු 330ක් ලබා සිටියදී ඉනිම අත මඟ නවතා ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට පන්දුවට පහර දීම සඳහා ආරාධනා කර සිටි අතර දිනය නිමා වීමට මත්තෙන්ම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 254 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු දකුණතින් පිට දඟපන්දු යන 22 හැවිරිදි ලක්ෂිත මනසිංහ ලකුණු 82කට කඩුලු 5 ක් දවාලීමට සමත්විය. මීට අමතරව දිල්ෂාන් මධුශංඛ කඩුලු තුනක් දවාලූවේ ලකුණු 43ක් පමණක් දීමෙනි. කෙසේ වූවද ශ්‍රී ලංකා කණ්ඩායම මෙදින සියදෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී පන්දුවාර 11කට මුහුණදී කඩුලු දෙකක් දැවී ලබාසිටියේ ලකුණු 27කි.

ඕස්ට්‍රේලියා “ඒ” ඉනිම වෙනුවෙන් එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා වූ අතර එහි හිමිකාරයා වූයේ  ජිමි පියර්සන්ය.  පන්දු 112කට මුහුණ දුන් පියර්සන් හතරේ තුනක් සමඟ ලකුණු 67ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔවුනගේ හොඳම සබඳතාවය වූයේ ප්‍රථම කඩුල්ලට මාකස් හැරිස් (39) සහ මැට්රෙන්ෂෝ (35) එක්කළ ලකුණු 68ක සබඳතාවයයි.

මාකස් හැරිස් පන්දු 60කදී හතරේ තුනක් සමඟ ලකුණු 39ක්ද මැට් රෙන්ෂෝ පන්දු 51කදී හතරේ දෙකක් සමඟ ලකුණු 35ක්ද රැස්කළහ. සෙසු පිතිකරුවන් දැවීගියේ ලකුණු තිහකට අඩුවෙනි.

ශ්‍රී ලංකා මුල් ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 9 ට ලකුණු 330යි – (නිපුන් ධනංජය 92, ළහිරු උදාර 63, සහන් ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4, මාර්ක් ස්ටෙකෙට් 69/4)

ඕස්ට්‍රේලියා මුල් ඉනිම පන්දුවාර 74.3 කදී ලකුණු 254යි – (ජිමී පියර්සන් 67, මාකස් හැරිස් 39, මැට් රෙන්ෂෝ 35, හෙන්රි හන්ට් 28, ඒරන් හාඩි 24, ලක්ෂිත මනසිංහ 82/5, දිල්ෂාන් මධුශංඛ 43/3)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 11 කදී කඩුලු 2ට ලකුණු 27 යි – (කමිඳු මෙන්ඩිස් නොදැවී 14, මාර්ක් ස්ටෙකෙටි 7/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest