slc
logo
Home   |    News
ජූනි 7, 2022
කණ්ඩායම් හතරකට ජය

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවති තරග හතරේදී සී.සී.සී, කැන්ඩි කස්ටම්, කොල්ට්ස් සහ රාගම කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් පසුව සම්පූර්ණ තරග පැවත් වූ දිනයක් ලෙස මෙදින නම් කළ හැකිය.

සී.සී.සී.කඩුලු හයකින් ගුවන් හමුදාව පරාජය කරයි

සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 47කදී හතරේ දෙකක් හයේ හතරක් සමග ලකුණු 58ක් රැස් කරමින් සහ එම කණ්ඩායමේ  මලින්ද පුෂ්පකුමාර ලකුණු 23 කට කඩුලු තුනක් දවාලමින් ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දැක් වුහ.

ගුවන් හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 7ට ලකුණු 128 යි –  උදයවංශ පරාක්‍රම 48, මුවින් සුබසිංහ 33, කළණ විජේසිරි 15, මලින්ද  පුෂ්පකුමාර 23/3, පවන්ත වීරසිංහ 9/2

සී.සී.සී. පන්දුවාර 15.5 කදී කඩුලු 4 ට ලකුණු 129 යි – මිනෝද් භානුක 58, අෂාන් ප්‍රියන්ජන් 43, ළසඳ රුක්මාල් 15/1

කැන්ඩි කස්ටම් ලකුණු 43 කින් නිගම්බු  පරාජය කරයි

කැන්ඩි කස්ටම් කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම ලකුණු 26ක් රැස්කර පසුව ලකුණු 20කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම පෙන්වූ දක්ෂතා කැන්ඩි කස්ටම් ජයග්‍රහණයට මුල්විණි.

කැන්ඩි කස්ටම් පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 117 යි – සජිත් ප්‍රියලාල් 26, මිතුන් ජයවික්‍රම 26, සශිත් මනුරංග 18, රෝෂේන් ප්‍රනාන්දු 22/3, ෂෙෂාන් ප්‍රනාන්දු 20/2, පසිඳු උස්හෙට්ටිගේ 21/2

නිගම්බූ පන්දුවාර 18.1 කදී සියල්ල දැවී ලකුණු 74 යි – දිමුත් සඳරුවන් 24, ඩිලාශ්‍රී ලොකුබන්ඩාර 21, මෙතුෂාන් තිළිණ 12/3, මිතුන් ජයවික්‍රම 20/3

කොල්ට්ස් කඩුලු 4කින් පොලීසිය පරාජය කරයි

කොල්ට්ස් කන්ඩායමේ හෂාන් දුමිඳු (41) අකිල ධනංජය (12/3) සහ මුදිත ලක්ෂාන් 13/3 ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්වූහ.

පොලීසිය පන්දුවාර 18.4 කදී සියල්ල දැවී ලකුණු 82 යි  – නදීර බාලසූරිය 17, මහේෂ් ප්‍රියදර්ශණ 13, ළහිරු අත්නායක 10, අකිල ධනංජය 12/3, මුදිත ලක්ෂාන් 13/3

කොල්ට්ස් පන්දුවාර 17.4 දී කඩුලු 6ට ලකුණු 86 යි– ( හෂාන් දුමිඳු 41, ෂාලින්  ද මෙල් 13, නලීන් ප්‍රියදර්ශන 16/2

රාගම කඩුලු තුනකින් චිලව් මේරියන්ස් පරාජය කරයි

රාගම කණ්ඩායමේ ඉෂාන් ජයරත්න ලකුණු 14 කට කඩුලු තුනක් දවා පසුව නොදැවී ලකුණු 18ක් රැස් කරමින් මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

චිලව් මේරියන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 117 යි – කසුන් විදුර 51, කවිඳු ඉරෝෂ් 46, ඉෂාන් ජයරත්න 14/3, නිපුන් මාලිංග 23/2, ජානක සම්පත් 16/2

රාගම පන්දුවාර 19.4 දී කඩුලු 7ට ලකුණු 121 යි – අවිශ්ක තරිදු 33, නිශාන් මධුෂ්ක 28, ඉෂාන් ජයරත්න නොදැවී 18, ජනිත් ලියනගේ 15, අවිඳු තීක්ෂණ 22/3, රවීන් යසස් 20/3

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar