slc
Home   |    News
ජූනි 2, 2022
කාන්තා පිලට කඩුලු 8 ක පරාජයක්

sinhala editor

පාකිස්තානයට එරෙහිව කරච්චිහි අද (01 දා) පැවැති තරග 3 කින් සමන්විත පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. අයි.සී.සී. ලෝක ශරතා ක්‍රිකට් තරගාවලිය යටතේ පෑවත්වෙන මෙම තරගාවලියේදී ප්‍රසාද ලකුණු 2 ක් හිමිකරගත් පාකිස්තානු කාන්තා කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලබා දුන් ලකුණු 170 ක ඉලක්කය හඹා යෑමේදී සිද්‍රා අමීන් (76) ක් සහ නායිකා බිස්මා මාරූෆ් (නොදැවී 62) ලකුණු රැස් කිරීම නිසා 42 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 2 ක් පමණක් දැවී ගොස් තීබියදීය. මොවුන් දෙදෙනගේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 200 කදී ලකුණු 143 කි.

වැඩිම ලකුණු ලාභිණිය වූ අමීන් පන්දු 119 ක් සිය ඉනිම වෙනුවෙන් වැය කරද්ද ඊට හතරේ පහර 7 ක්ද ඇතුළත් කළාය. පන්දු 101 කට මුහුණ දුන් නායිකා මරූෆ් ඊට හතරේ පහර 5 ක් ඇතුළත් කර ගත්තාය. පන්දු යැවීමේදී අචිනි කෞෂල්‍යා පමණක් තර්ජනයක් වෙමින් ලකුණු 13 කට කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තනි සටනක නියැලුණු මැද පෙළ පිතිකාරිණී කවීෂා දිල්හාරි පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තාය. සෙසු පිතිකාරිණියන්ගේ සහයෝගය ඇයට නොලැබීම නිසා අර්ධ ශතක වාර්තා කිරීමේ අවස්ථාව ඇයට අහිමි වූවාය. කවීෂාට  අමතරව ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 44 කදී හතරේ පහර 3 ක් සමඟ ලකුණු 30 ක් ද චමරි අතපත්තු පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් ද රැස් කළහ.

තරගය් වීරයාට හිමි සම්මානය පාකිස්තානු පිල වෙනුවෙන් පන්දුවාර 10 කදී නිලකුණු ඕවර 2 ක්ද සමඟ ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත් ගුලාම් ෆාතිමා නම් කළාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 47.5 කදී ලකුණු 169 යි – (චමරි අතපත්තු 25, ප්‍රසාදනී වීරක්කොඩි 30, කවීෂා දිල්හාරි 49*, ගුලාම් ෆාතිමා 21/4, ෆාතිමා සනා 24/2, සාදියා ඉක්බාල් 30/2)

පාකිස්තානය පන්දුවාර 41.5 කදී කඩුලු 2 කට ලකුණු 170 යි – (සිද්‍රා අමීන් 76, බිස්මා මරූෆ් 62*)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest