slc
logo
Home   |    News
ජූනි 10, 2022
තෙවැනි ජයත් සමඟ පානදුර ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ බදාදා (08) පැවති තවත් තරග හයක් අතුරින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු තුනකින් ප්‍රබලම එන්.සී.සී. කන්ඩායමට පරාජයට පත් කිරීමට සමත්වීම කැපී පෙනිණ. මෙය මෙවර තරග වාරයේ පානදුර කණ්ඩායම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය වූ අතර එම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ බී කාණ්ඩයේ පෙරමුණට පැමිණීමටද පානදුරට ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.

මීට අමතරව නූගේගොඩ කන්ඩායම චිලව් මේරියන්ස් ද කොල්ට්ස් නිගම්බු ද පරාජයට පත් කළහ.මෙදින ජයග්‍රහණ අත්කරගත් සෙසු කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාව රාගම සහ සෙබස්ටියනයිට්ස් කන්ඩායම් ය.

රාගම කඩුලු 4කින් බී.ආර්.සී පරදවයි

ජනිත් ලියනගේ ලකුණු 28කට කඩුලු තුන්ක් දවා පසුව ලකුණු 31ක් රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්විය.

බී.ආර්.සී. පන්දුවාර 20 කදී කඩුලු 8ට 101 යි – ඩිලාන් ජයලත් 20, කෙවින් කොත්තියගොඩ 16, ළහිරු සමරකෝන් 14, ජනිත් ලියනගේ 28/3, ඩිලාන් පීරිස් 10/2

රාගම පන්දුවාර 19.5 කදී කඩුලු 6 ට ලකුණු 105 යි  – යොහාන් ලියනගේ  31, ජනිත් ලියනගේ 31, සමිඳු ප්‍රනාන්දු 14, දුවිඳු තිලකරත්න 19/2, උමේෂ් මොරායස් 13/2

සෙබස්ටියනයිට්ස් පිලට කඩුලු 5 ක ජයක්

තරිඳු රත්නායක ලකුණු අටකට කඩුලු හතරක් දවා පසුව නොදැවී ලකුණු 18ක් රැස් කරමින් දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතා හේතුවෙන් සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදාවිය.

කැන්ඩි කස්ටම් කඩුලු 7ට 107 යි – මිතුන් ජයවික්‍රම 41, අයේෂ් හර්ෂණ 21, නිම්ම ප්‍රනාන්දු නොදැවී 18, තරිදු රත්නායක 8/4, බිෂාන් හෙට්ටිආරච්චි 18/ 2

සෙබස්ටියනයිට්ස් කඩුලු 5ට 113 යි – සෂා අල්විස් 30, සචිත්‍ර ජයතිලක 25, තරිදු රත්නායක නොදැවී 15, සසිත් මනුරංග 23/2

යුධ හමුදාවට ඩුලු 7ක ජයක්

කුරුණෑගල යූත් පන්දවාර 19.4 කදී සියල්ල දැවී ලකුණු 88 යි – ළහිරු ජයරත්න 27, තරිඳු විජේසිංහ 24, කේෂාන් වන්නිආරච්චි 22, ලක්ෂාන් ගමගේ 7/4, යශෝධා මෙන්ඩිස් 17/4

යුධ හමුදාව පන්දුවාර 10.3 කදී කඩුලු 3ට ලකුණු 89 යි – සීක්කුගේ ප්‍රසන්න 25, හිමාෂ ලියනගේ 19, අෂාන් රන්දික 14, ළහිරු ජයරත්න 37/1

නූගේගොඩ කඩුලු 4කින් චිලව් මේරියන්ස් පරදවයි

චිලව් මේරියන්ස් පන්දුවාර 20 කදී සියල්ල දැවී ලකුණු 120 යි  – තරිදු ජයසේකර 38, රවීන් යසස් 20, චමින්ද බණ්ඩාර 19/2, රාහුල් ගුණසේකර 20/2

නූගේගොඩ පන්දුවාර 19.4 කදී කඩුලු 6ට ලකුණු 123 යි  – පසිඳු  පැතුම් නොදැවී 26, ලිසුල ලක්සාන් 25, අභිෂේක් ලියනආරච්චි 14, කසුන් විදුර 19/2, ෂෙෂාන් සිල්වා 9/2

කොල්ට්ස් කඩුලු 4කින් නිගම්බු පරාජය කරයි

නිගම්බූ පන්දුවාර 20 කදී කඩුලු 7ට ලකුණු 107 යි – උමේෂ් ලක්ෂාන් 34, සඳරුවන් චින්තක 29, දිල්ෂාන් මුනවීර 15, අකිල ධනංජය 21/3, චමෝද් බැට්ටගේ 25/2

කොල්ට්ස් පන්දුවාර 17.5 කදී කඩුලු 6 කදී ලකුණු 108 යි  – රවිඳු රසන්ත 46, විෂාන් රන්දික 23, සංගීත් කුරේ  20, දිල්ෂාන් මුනවීර 25/2, සඳරුවන් චින්තක 8/2

පානදුර කඩුලු 7කින් එන්.සී.සී. පරාජය කරයි

එන්.සී.සී. පන්දුවාර 20 කදී කඩුලු 4ට ලකුණු 118 යි – සඳුන් වීරක්කොඩි 53, උපුල් තරංග 30, තරිඳු කෞෂාල් 22/2

පානදුර පන්දුවාර 19 කදී ඩුලු 7ට ලකුණු 119 යි – සංජය චතුරංග 32, කෝසල රවිඳු 28, ලක්ෂාන් රුද්‍රිගෝ 21, සඳුන් වීරක්‍කොඩි 18/4

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest