slc
logo
Home   |    News
ජූනි 21, 2022
නිපුන් සහ සහන් ශ්‍රී ලංකා “ඒ” ඔසවා තබති.

sinhala editor

නිපුන් ධනංජය (92) සහ සහන් ආරච්චිගේ (61) එක්ව හයවන කඩුල්ලට පවත්වන ලද ලකුණු 124ක සබඳතාවය මත ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (21 දා) ඇරැඹි දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ ප්‍රථම දියන නිමවන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 330ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා “ඒ” ලකුණු 176කට කඩුලු 5ක් දැවී සිටින අවස්ථාවේ මේ පිතිකරුවන් දෙදෙනා පෙන්වු දක්ෂතා මත හයවන කඩුල්ල කඩුලු හයකට ලකුණු 300 දක්වා දීර්ඝ විණි. නිපුන් ධනංජය පන්දු 130කදී හතරේ හතරක් සමඟ ලකුණු 92ක්ද සහන් ආරච්චිගේ පන්දු 124කදී හතරේ තුනක් සමඟ ලකුණු 61ක්ද රැස් කිරීමට සමත්වූහ.

මාවුන් දෙපට අමතරව ළහිරු උදාර ලකුණු 63ක්ද නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 32ක්ද සහ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලද සධීර සමරවික්‍රම ලකුණු 29ක්ද ලබා ගත්හ. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ දෙවැනි හොඳම සබඳතාවය වූයේ ළහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු තෙවන කඩුල්ලට රැස්කළ ලකුණු 59ක සබඳතාවයයි.

ශ්‍රී ලංකා  මුල් ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 9 ට ලකුණු 330 යි (නිපුන් ධනංජය 92, ළහිරු උදාර 63, සහන්ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4, මාර්ක් ස්ටෙකෙටි 69/4)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar