slc
Home   |    News
ජූනි 29, 2022
පළමු සැසියේ වාසිය ඔස්ට්‍රේලියානුවෝ ගනිති

sinhala editor

By Chamila Karawita

තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වුවත් තරගය පැවැති පළමු සැසිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කර දමන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 ට ලකුණු 68 ක් ලෙසින් සටහන්ව තිබිණ.

තියුණු ලෙස දෝලනය වුණු ගාල්ල තණතීරුවේ පැවැති පළමු හෝරා දෙකේදී සිය කඩුල්ල ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න පන්දු 74 කදී ලකුණු 25 ක්ද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 කදී ලකුණු 15 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දිවා ආහාරයට පෙර මිචෙල් ස්වෙප්සන් යවන ලද අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය දිමුත්ගේ පා ආවරණයේ වැදිණ. එය දැවී යෑමක් ද යන්න පන්දු රකින කණ්ඩායමෙන් ඉල්ලීමක් කරනු ලබූ නමුත් ප්‍රධාන වින්සරුවරයාගේ තීරණය වූයේ එය පිත්තේ වැදී ගිය ලකුණක් බවයි. එහෙත් පුණරූපන වලට අනුව එය දිමුත්ගේ පිත්තේ නොදැවුණු, කඩුල්ල මුවා කිරීමේ වරදට ආසන්නම අවස්ථාවක් බව පැහැදිළිව දිස් වුවත්, ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ඔස්ට්‍රේලියානුවන් කටයුතු නොකළ බැවින් තවදුරටත් පිටියේ රැදී සිටීමට ශ්‍රී ලංකා නායකයා වාසනාවන්ත වීය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම ලිහිල් පහර එල්ල කිරීමට යෑමේදී කඩුල්ල පිටුපස කාර්යයේ නිරත ඇලෙක්ස් කේරි අතට උඩ පන්දු ලබා දී දැවී ගියේය. පැට් කමින්ස්ගේ හදිසියේම ඉහළ නැඟී පන්දුව පැතුම් නිස්සංකගේ පිත්තේ පිටත දාරයේ වැදීද, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත්විය. කුසල් මෙන්ඩිස් රැස් කරන ලද්දේ ලකුණු 03 ක් වුවත් මනරම් පුල් පහර 2 ක් ද සහිතව හතරේ පහර 3 ක් එල්ල කළ පැතුම් නිස්සංක ලකුණු 23 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව පන්දුවාර‌ 27 කදී කඩුලු 2 ක් දැවී ලකුනු 68 යි – දිමුත් කරුණාරත්න 25, පැතුම් නිස්සංක 23, ඇන්ජලෝ මැතිව්ස් 15, කුසල් මෙන්ඩිස් 03

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest