slc
logo
Home   |    News
ජූනි 11, 2022
ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ එකට එක කරති

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙසින් අවසන් කිරීමට අද (10 දා) සමත්විය.

ලකුණු 313 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ පිතිකරුවෝ 49 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු අෂේන් බණ්ඩාර පන්දු 65 කදී නොදැවී ලකුණු 73 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන තෙක් කඩුල්ලේ රැදී සිටියේය.

බණ්ඩාරට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක්ද පන්දු යවමින් ප්‍රමෝද් මධුෂාන්  ලකුණු 50 කට කඩුලු 4 ක්ද දවාලූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මේ තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද ප්‍රනාන්දුය (24).

මොවුන් දෙදෙනා ප්‍රථම විකට්ටුවට ලකුණු 43ක් රැස් කිරීමෙන් පසුව දෙවැනි කඩුල්ලට දික්වැල්ල සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 116ක සබඳතාවයක් තබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය පසුබිම සකස් කර දුන්හ. මුළු ලකුණු 205 දී පස්වන කඩුල්ල ලෙස නායක ධනංජය ද සිල්වා  (30) දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මද අපහසුතාවයකට පත් වූවත් නැවත වතාවක් හයවන කඩුල්ලට අෂෙන් බණ්ඩාර ( නොදැවී 73) සහ සහන් ආරච්චිගේ (31) ලකුණු 85ක සබඳතාවක් තබා ගනිමින් ලංකා කණ්ඩායම ජය මාවත කරා ගෙන ගියහ. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම පිතිකරුවන් ලකුණු අතරට පැමිණිම මේ තරගයේ විශේෂත්වයකි.

නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 83 සඳහා ඔහු පන්දු 73 කට මුහුණ දුන්නේය. හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වුණු දික්වැල්ලගේ ඉනිමට අමතරව කැපී පෙනුණු බණ්ඩාරගේ ඉනිම සඳහා ඔහු පන්දු 65 කට මුහුණ දුන්නේය. දුනිත් වෙල්ලාලගේ ඒල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ආවේය.

ඕස්ට්‍රේලියා “ඒ” මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය ඔවුනගේ පන්දුවට පහරදීමේ වේගය 6.41ක් වූ අතර ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ එම වේගය වූයේ පන්දුවාරයකට  6.45කි.

ඕස්ට්‍රේලියා “ඒ” කන්ඩායම වෙනුවෙන් ට්‍රෙවිස් හෙඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමඟින් පන්දු 86 කදී ලකුණු 102 ක්ද  ඒරන් හාඩි (58) සහ හෙන්රි හන්ට් (40) ලකුණු අතරට පිවිසියහ.

ඕස්ට්‍රේලියා “ඒ” පන්දුවාර 48ත4 කදී සියලු දෙනා ලකුණු 312 යි – ට්‍රාවිස් හෙඩ් 110, ඒරන් හාඩි 58, හෙන්රි හන්ට් 40, ප්‍රමෝද් මධුෂාන් 50/4, නිසල තාරක 48/2, සහන් ආරච්චිගේ 58/2

ශ්‍රී ලංකා “ඒ” පන්දුවාර 485 කදී කඩුලු 6ට 315 යි  – නිරෝෂන් දික්වැල්ල 83, අෂේන් බණ්ඩාර  නොදැවී 73, කමිඳු මෙන්ඩිස් 40, සහන් අාරච්චිගේ 31, ධනංජය ද සිල්වා 30, ඕෂද ප්‍රනාන්දු 24, මැතිව් කනමන් 43/3, ටන්වීර් සන්ගා 72/2.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar