slc
logo
Home   |    News
ජූනි 15, 2022
LPL තෙවැන්නේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම ජුනි මස 14 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියේ ඒ වෙනුවෙන්ම ස්ථාපනය කොට ඇති https://srilankacricket.lk/lpl-player-registration බැඳිය ඔස්සේ සිය ලියාපදිංචි කටයුතු සිදුකළ යුතු වේ. මෙම බැඳිය ඔස්සේ ජුනි මස 23 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ඒම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසානයෙන් පසු ඒල්.පී.ඒල්. තෙවැනි අදියරය වෙනුවෙන් වූ ක්‍රීඩක කෙටම්පතට ඉදිරිපත් කෙරෙනු ඇත.

පෙර වසරට සාපේක්ෂව ක්‍රීඩකයින් කාණ්ඩ ගත කිරීමේ කාණ්ඩවල නම්වල සුලු වෙනස්කමක් සිදුකර තිනෙ අතර ඒහිදී රූබි (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A,  ඩයමන්ඩ් ‘බී’ (Diamond B) සහ ප්ලැටිනම් (Platinum) යනුවෙන් ඒම කාණ්ඩ නම් කර තිබේ.

රූබි සහ සපයර් කාණ්ඩ යටතට ඇතුළත් වන ක්‍රීඩකයින් ඔවුනගේ රටවල ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලවල ලියාපදිංචිව ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයින් විය යුත වන අතර අනෙක් කාණ්ඩවලට ඒක්වන ක්‍රීඩකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමත පූර්ණ සාමාජික හෝ අර්ධ සාමාජික රටවල ප්‍රධාන විස්සයි-20 තරගාවලිවලට ක්‍රීඩා කරන හෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ජුලි 31 වනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee