slc
logo
Home   |    News
ජූලි 20, 2022
කඩුලු 4 ක ජයකින් පාකිස්තානය ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

sinhala editor

අබ්දුල්ලා ශෆීක් ප්‍රමුඛ පාකිස්තානු පිතිකරුවන්ට අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (20 දා) නිමාවට පත් පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමේ වැඩිම හඹා යෑමේ වාර්තාව බවට පත් වුණු මෙම ලකුණු 342 ක ඉලක්කය පාකිස්තානු පිල සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතීවාදීන් හමුවේ ලබා දෙමිනි.

මෙරට පැවැති ටෙස්ට් තරගයකදී විදේශීය කණ්ඩායමක් හඹා යමින් ජයග්‍රහණය කරන ලද දෙවැනි විශාලතම ලකුණු සංඛ්‍යාවේ වාර්තා බවට පත් වුණු මෙම ජයග්‍රහණයේ පෙරමුණයා වූයේ ආරම්භක  පිතිකරු අබ්දුල්ලා ශෆීක්ය. ඉනිම ආරම්භයේ සිට ජයග්‍රාහී ලකුණු වන තෙක්ම පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා ලබා ගත් ලකුණු 160 සඳහා පන්දු 408 කට මුහුණ දී තිබුණේය. ඉන් හතරේ සීමාව හත් වතාවක් සහ හතරේ සීමාවට ඉහළින් එක් වතවාක් පන්දුව යවමින් රැස් කරන ලද ලකුණු 36 හැරුණු කොට අනෙකු ලකුණු 124 ම කඩුලු අතර දිව යමින් රැස් කර ගන්නා ලද ලකුණු විය.

පාකිස්තානු පිලට අද දිනයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 120 ක් පමණි. ඒ සදහා ඔවුන් අත කඩුලු 7 ක් ඉතිරිව තිබිණ. අද දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් උඩ පන්දු ගිලිහී යෑම් දක්නට ලැබුනු අතර එහි අහිතකර ප්‍රතිඵලය වූයේ තරගාවලිය 1-0 ක් ලෙස පාකිස්තානුවන් පෙරමුණට පැමිණීම විය.

අද දිනයේ දැවී ගිය කඩුලු 3 න් 2 ක් දවා ගනු ලැබුවේ ප්‍රභාත් ජයසූරිය විසිනි. මොහොමඩ් රිසාවන් කඩුල්ල මුවා කිරීමේ වරදට සු වද්දී සල්මන් අගා දික්වැල්ල අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. ජයග්‍රහණයට ලකුණු 11 ක් තිබියදී අයහපත් කාලගුණය තරගයට හරස් වූ නමුත් ස්වල්ප වේලාවකට පසු ඇරැඹි තරගයේදී තවත් කඩුලු ලබා නොදී තරග ජය ගැනීමට පාකිස්තානුවෝ සමත්වූහ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ඉරිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 76, ධනංජය ද සිල්වා 11, නිරෝෂන් දික්වැල්ල 04, රමේෂ් මෙන්ඩිස් 11, ප්‍රභාත් ජයසූරිය 03, මහීෂ් තීක්ෂණ 38, කසුන් රජිත (නොදැවී) 12, ශහීන් අෆ්රිඩි 58/4, යසීර් ෂා 66/2, හසන් අලී 23/2)

පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 90.5 කදී සියලුදෙනා දැවී ලකුණු 216 යි – (අබ්දුල්ලා ශෆීක් 13, ඉමාම් උල් හක් 02, අසාර් අලී  03, බාබර් අසාම් 119, මොහොමඩ් රිස්වාන් 19, අඝා සල්මාන් 05, මොහොමඩ් නවාස් 05, ශහීන් අෆ්රිඩි 00, යසීර් ෂා 18, හසන් අලී 17, නසීම් ෂා 05, කසුන් රජිත 42/1, මහීෂ් තීක්ෂණ 68/2, ප්‍රභාත් ජයසූරිය 82/5, රමේෂ් මෙන්ඩිස් 18/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 9 ට ලකුණු 329 යි – ඔ්ෂධ ප්‍රනාන්දු 64, දිමුත් කරුණරත්න 16, කසුන් රජිත 07, කුසල් මෙන්ඩිස් 76, ඇන්ජලෝ මැතිව්ස් 09, දිනේෂ් චන්දිමාල් (නොදැවී) 86, ධනංජය ද සිල්වා 20, නිරෝෂන් දික්වැල්ල 12, රමේෂ් මෙන්ඩිස් 22, මහීෂ් තීක්ෂණ 11, ප්‍රභාත් ජයසූරිය (නොදැවී 04, මොහොමඩ් නවාස් 88/5, යසීර් ෂා 122/3, හසන් අලී 15/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 127.2 කදී කඩුලු 36 ක් දැවී ලකුණු 344 යි – (අබ්දුල්ලා ෂෆීක් (නොදැවී) 160, ඉමාම් උල් හක් 35, අසාර් අලී 06, බාබර් අසාම් 55, මොහොමඩ් රිස්වාන් 40, මොහොමඩ් රිස්වාන් 40, සමල් අඝා 12, හසන් අලී 05, මොහොමඩ් නවාස් (නොදැවී) 19,  ප්‍රභාත් ජයසූරිය 135/4, රමේෂ් මෙන්ඩිස් 102/1, ධනංජය ද සිල්වා 33/1)

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

USD United States (US) dollar