slc
Home   |    News
ජූලි 28, 2022
ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ.

මෙම තරගයට පෙර හය වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් 55.33 ක් ලෙසින් සටහන් වේ.

ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටින දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ප්‍රතිශතය 71.43 ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැදී සිටිද්දී ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 84 ක් සමඟින් (ජයග්‍රාහී ප්‍රතිශතය 70.00%) එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 75 ක් ලබා සිටියද ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රාහී ප්‍රතිශතය අඩු මට්ටමක (52.85%) පැවැතීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ස්ථානයක් පහලින් හෙවත් සිව්වැනි සථානයේ රැඳී සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest