slc
logo
Home   |    News
ජූලි 30, 2022
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු කුසලාන ‘වැලිකතරට’

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට සැපැත්මැබ්ර් මස 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තවදුරටත් සත්කාරකයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන අතර, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනයේ සහයෝගය ඇතිව තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකෙරෙනු ඇත.

ඩුබායි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් 6 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆිගනිස්ථානය මේ වන විටත් තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින අතර සෙසු කණ්ඩායම් දෙක ඉදිරියේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් අනතුරුව තීරණය වෙනු ඇත. ඒ වෙනුවෙන් කුවේටය, සිංගප්පූරුව, හොංකොක් සහ සත්කාරක එමීර් රාජ්‍ය කණ්ඩායම් තරග වදිති.

නිවේදනයක් නිතුක් කරමින් මේ බව සඳහන් කර සිටින ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උද්යෝගයක් දක්වනු ලබන ශ්‍රී ලාංජක්ය ක්‍රිකට් ලෝලීන්ගෙන් මෙම තරගාවලිය පිටතට රැගෙන යෑම පිළිබඳ තීරණය ඉතා අසීරු වූ බවත්, රට තුළ පවතින තත්ත්වය ගැන සැලකිල්ලට ගෙන එම තත්ත්වය අවශ්‍ය යැයි සලකා එම තීරණයට එළැඹි බවයි. මෙහිදී සියලුම ක්‍රීඩා ‌ලෝලීන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය කැපවී සිටින බවද සඳහන් කර සිටින එම කවුන්සිලය මෙම තරගාවලිය පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ලද නොපසුබට උත්සාහය පිළිබඳවද සිය කෘතඥතාවය පළ කර සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

“මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න අපි හැකි හැම උත්සාහයක්ම ගත්තා. බොහෝ සාකච්ඡාවලින් පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන යෑමට තීරණය කළා. ස්ථානය වෙනස් වුවත් මෙහි සත්කාරකත්වය දරන එකේ වෙනසක් වෙන්නේ නෑ. මේ සම්බන්ධව අප සමඟ එක්ව කටයුතු කිරීමට එකඟ වීම වෙනුවෙන්  මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා” යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජායි ෂා මහතා සඳහන් කර සිටියි.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, “ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ අපේ අසල්වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ සත්කාරකත්වය ලබා දෙන්න. නමුත් පවතින තත්ත්වයත් එක්ක තරගාවලිය එක්සත් අරාබි එමීර් ‌රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයට මම එකඟ වෙනවා. මෙම තරගාවලීය සාර්ථක කර ගැනීමට ආසියානු ක්‍රිකට් සභාව සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය සමග උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරනවා” යනුවෙනි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee