slc
Home   |    News
ජූලි 30, 2022
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු කුසලාන ‘වැලිකතරට’

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට සැපැත්මැබ්ර් මස 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තවදුරටත් සත්කාරකයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන අතර, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනයේ සහයෝගය ඇතිව තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකෙරෙනු ඇත.

ඩුබායි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් 6 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆිගනිස්ථානය මේ වන විටත් තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින අතර සෙසු කණ්ඩායම් දෙක ඉදිරියේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් අනතුරුව තීරණය වෙනු ඇත. ඒ වෙනුවෙන් කුවේටය, සිංගප්පූරුව, හොංකොක් සහ සත්කාරක එමීර් රාජ්‍ය කණ්ඩායම් තරග වදිති.

නිවේදනයක් නිතුක් කරමින් මේ බව සඳහන් කර සිටින ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උද්යෝගයක් දක්වනු ලබන ශ්‍රී ලාංජක්ය ක්‍රිකට් ලෝලීන්ගෙන් මෙම තරගාවලිය පිටතට රැගෙන යෑම පිළිබඳ තීරණය ඉතා අසීරු වූ බවත්, රට තුළ පවතින තත්ත්වය ගැන සැලකිල්ලට ගෙන එම තත්ත්වය අවශ්‍ය යැයි සලකා එම තීරණයට එළැඹි බවයි. මෙහිදී සියලුම ක්‍රීඩා ‌ලෝලීන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය කැපවී සිටින බවද සඳහන් කර සිටින එම කවුන්සිලය මෙම තරගාවලිය පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ලද නොපසුබට උත්සාහය පිළිබඳවද සිය කෘතඥතාවය පළ කර සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

“මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න අපි හැකි හැම උත්සාහයක්ම ගත්තා. බොහෝ සාකච්ඡාවලින් පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන යෑමට තීරණය කළා. ස්ථානය වෙනස් වුවත් මෙහි සත්කාරකත්වය දරන එකේ වෙනසක් වෙන්නේ නෑ. මේ සම්බන්ධව අප සමඟ එක්ව කටයුතු කිරීමට එකඟ වීම වෙනුවෙන්  මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා” යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජායි ෂා මහතා සඳහන් කර සිටියි.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, “ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ අපේ අසල්වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ සත්කාරකත්වය ලබා දෙන්න. නමුත් පවතින තත්ත්වයත් එක්ක තරගාවලිය එක්සත් අරාබි එමීර් ‌රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයට මම එකඟ වෙනවා. මෙම තරගාවලීය සාර්ථක කර ගැනීමට ආසියානු ක්‍රිකට් සභාව සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය සමග උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරනවා” යනුවෙනි.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest