slc
Home   |    News
ජූලි 18, 2022
ශ්‍රී ලංකාව ලකුණු 333 ක් ඉදිරියෙන්

sinhala editor

ගාලු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූූ අද (18 දා) සමස්ථ දිනයේදීම කඩුලු ආරක්ෂා කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමට තවත් ලකුණු 293 ක් එක් කරගත්හ. ඒ අතරට ඕෂධ ප්‍රනාන්දු, කුසල් මේඩිස් සහ දිනේෂ් චන්දිමාල් වාර්තා කරන ලද අර්ධ ශතකද අයත් විණ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසනදී කඩුලු 9 කට ලකුණු 329 ක් ලබා සිටින්නේ මුල් ඉනිමේ වාසියත් සමග ලකුණු 333 ක් ඉදිරියට පැමිණෙමිනි.

යළිත් වරක් පිතෙන් සාර්ථක වූ දිනේෂ් චන්දිමාල් ලුණු 86 ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 04 ක්ද ලබා සිව්වැනි දිනය වන හෙට දිනයේදීත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවෙයි. චන්දිමාල් තම ලකුණු 86 සඳහා පන්දු 121 කට මුහුණ දී සිටින අතර ඉන් පහර 2 ක් හයේද පහර 5 ක් හතරේ ඒවා ලෙසින් එල්ල කර තිබුණි.

අද තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගිවූ කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියේ තරගයේ තවත් දින 2 ක් ඉතිරිව තිබෙන බැවින් හෙට දිනයේදී පාකිස්තානුවන්ට ‌එරෙහිව ලකුණු 350 ක පමණ ඉලක්කයක් ලබා දීමට හැකියාව ලැබුණුහොත් පාකිස්තානුවන්ට එරෙහිව හොද තරගයක් ලබාදීමේ හැකියාව පවතින බවයි.

පන්දුවට පහර දීම අතිශයින්ම අසීරු ගාල්ල තණතීරුවේදී අධිෂ්ඨානශිලීව පිති හැසිරවූ කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු දිවා විවේකය වන තෙක්ම කඩුලු ආරක්ෂා කර ගනිමින් දෙවැනි ඉනිම සඳහා ලකුණු 300 සීමාව ඉක්මවාලීම සඳහා අවශ්‍ය අඩිතාලම එක් කළහ. දිවා විවේකයන් පසු ඕෂධ දැවී යෑමත් සමග තෙවැනි කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාව ලකුණු 91 කදී බැඳ වැටිණ.

පන්දු 125 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා රැස් කරන ලද ලකුණු 64 සඳහා හතරේ පහර 7 ක්ද එක් කර තිබිණ. ඉන් එකක් හයේ පහරක් ලෙසින්ද සටහන් විය. කුසල් මෙන්ඩිස් කුණු76 ක් ලබා ගත්තේ පන්දු 126 කට මුහුණ දීමෙනි. වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳවැටුණේ දිවා විවේකයත් තේ පානයත් අතර කාලයේදී වන නමුත් ඒ අතරතුරදී ලකුණු 125 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.  

තමන්ගේ වගකීම කුමක්ද යන්න යළිත් හරි හැටි වටහා නොගත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 කදී ඉනිම හමාර කර ගත්තද පළමු ඉනිමේ පරිදිම චන්දිමාල්ට සහාය දැක්වූ රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ 8 වැනි සහ නව වැනි කඩුලු වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 32 ක් සහ 41 ක් වශයෙන් රැස් කිරීමට දායකත්වය දැක්වූහ. ඉනිමේ අවසන් පිතිකරුවා වන ප්‍රභාත් ජයසූරිය සමඟ චන්දිමාල් ගොඩ නගා තිබෙන නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 21 කි.

ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 9 න් 5 ක් වමතින් දඟ පන්දු යවන මොමොහඩ් නවාස් දවා ගත්තේය. තම ටෙස්ට් දිවියේ කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින්ද නවාස්ගේ පන්දු යැවීම සටහන් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 76, ධනංජය ද සිල්වා 11, නිරෝෂන් දික්වැල්ල 04, රමේෂ් මෙන්ඩිස් 11, ප්‍රභාත් ජයසූරිය 03, මහීෂ් තීක්ෂණ 38, කසුන් රජිත (නොදැවී) 12, ශහීන් අෆ්රිඩි 58/4, යසීර් ෂා 66/2, හසන් අලී 23/2)

පාකිස්තානය පන්දුවාර 90.5 කදී සියලුදෙනා දැවී ලකුණු 216 යි – (අබ්දුල්ලා ශෆීක් 13, ඉමාම් උල් හක් 02, අසාර් අලී  03, බාබර් අසාම් 119, මොහොමඩ් රිස්වාන් 19, අඝා සල්මාන් 05, මොහොමඩ් නවාස් 05, ශහීන් අෆ්රිඩි 00, යසීර් ෂා 18, හසන් අලී 17, නසීම් ෂා 05, කසුන් රජිත 42/1, මහීෂ් තීක්ෂණ 68/2, ප්‍රභාත් ජයසූරිය 82/5, රමේෂ් මෙන්ඩිස් 18/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 9 ට ලකුණු 329 යි – ඔ්ෂධ ප්‍රනාන්දු 64, දිමුත් කරුණරත්න 16, කසුන් රජිත 07, කුසල් මෙන්ඩිස් 76, ඇන්ජලෝ මැතිව්ස් 09, දිනේෂ් චන්දිමාල් (නොදැවී) 86, ධනංජය ද සිල්වා 20, නිරෝෂන් දික්වැල්ල 12, රමේෂ් මෙන්ඩිස් 22, මහීෂ් තීක්ෂණ 11, ප්‍රභාත් ජයසූරිය (නොදැවී 04, මොහොමඩ් නවාස් 88/5, යසීර් ෂා 122/3, හසන් අලී 15/1)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest