ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ලබන සදුදා (අගෝස්තු 15) තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තරග කමිටුව තීරණය කර තිබේ.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව දැනටමත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර මෙම අවසාන තරගය පසුගිය සිකුරාදා (4) වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත් දිනය පුරා පැවැති වර්ෂාව මත එය කල් දැමිණි.
අවසාන මහා තරගය කල් දැමීමේ හේතුවෙන් එදින තරගයට සහභාගීවීමට නොහැකිව සිටි බර්මින්හැම්හි පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා ක්‍රිකට් තරගාවලියට ගොස් සිටි ක්‍රිඩිකාවන් හයදෙනෙකුටම සදුදා (15) පැවැත්වෙන අවසාන තරගයට සහභාගිවී මේ අවස්ථාව දැන් උදාවී තිබේ
එම ක්‍රිඩිකාවන් හයදෙනා නම් නාවික හමුදාවේ ඉනෝකා රණවීර , හර්ෂිතා මාධවී, හෂිණි පෙරේරා , සහ ගුවන් හමුදාවේ ඕෂදී රණසිංහ ,අමා කාංචනා සහ මල්ෂා ෂෙහානි ය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට අයත් ක්‍රිඩිකාවන් අතුරින් ක්‍රිඩිකාවන් දහයක් නාවික හමුදා කාන්තා ක්‍රිකට් සංචිතයටත් ජාතික සංචිතයේ ක්‍රිඩිකාවන් නවයක් ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් සංචිතයටත් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි .
ජාතික සංචිතයට අයත් එම නාවික හමුදා ක්‍රිඩිකාවන් වන්නේ හංසිමා කරුණාරත්න , ඉනෝකා රණවීර , හර්ෂිතා මාධවී, හෂිණි පෙරේරා , මධුරි සමුද්ධිකා, ප්‍රසාදිනි වීරක්කොඩි , චන්දිමා ගුනරත්න , තාරිකා සෙව්වන්දි , උමේෂා නිමේෂනී, සහ සත්‍යා සංදීපනීය. ගුවන් හමුදාව නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රිඩිකාවන් වන්නේ චතුරානි ගුණවර්ධන , ඕෂදී රණසිංහ , අමා කාංචනා , මල්ෂා ෂෙහානි , දිලානි මනෝදරා,චමරි පොල්ගම්පල, ඉනෝකා ප්‍රනාන්දු , යශෝධා මෙන්ඩිස් , සදුනි අබේවික්‍රම සහ චතුරානි ගුණවර්ධනය.
මුලික වටයේදී නාවික හමුදාව විසින් චිල්ව් මේරියන්ස් බදුරලිය සහ සීනිගම පරාජයට පත් කළේය ගුවන් හමුදාව මුලික වටයේදී එස් කැපිටල් (වරාය ) සහ යුදහමුදාව පරාජය කළ අතර කෝල්ට්ස් තරගය අයහපත් කාලගුණය මත නතර කිරීමෙන් දෙපිලටම සම ලකුණු ලැබිණි
මුලික වටයේදී නාවික හමුදාව ජයග්‍රහණය තුනට ලකුණු හයක්ද ගුවන් හමුදාව ලකුණු පහක්ද (ජයග්‍රහණ දෙකයි සම එකයි) ලබාසිටියේය.