slc
logo
Home   |    News
අගෝස්තු 16, 2022
ආරාධිත කාන්තා ක්‍රිකට් ශූරතාව නාවික හමුදාවට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවති ආරාධිත කාන්තා විස්සයි 20 අවසාන මහ තරගයේදී තියුණු තරගයකින් පසුව ලකුණු අටකින් ගුවන් හමුදාව පරාජයට පත් කළ නාවික හමුදා ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා පිතිකාරිණියන් අතුරින් වඩාත්ම කැපී පෙණුන නායිකා හංසිමා කරුණාරත්න පන්දු 26කට මුහුණදී ලකුණු 25ක්  ලබා ගත්තේය. උමේෂා නිමේෂා පන්දු 28කට මුහුණදී ලකුණු 30ක් ද නිලක්ෂණ සඳමිණි පන්දු 25කදී ලකුණු 21 ක් ද සහ මධුරි සමුද්ධිකා පන්දු 14කදී නොදැවී ලකුණු 23ක් ද නාවික මුදා පිල වෙනුවෙන් රැස් කළහ.

පිත්තෙන් දැක්වූ දක්ෂතා වලට අමතරව මධුරි සමුද්ධිකා පන්දු යැවිමේදී ලකුණු 21කට කඩුලු දෙකක්ද දවාලමින් මේ තරගයේදී තුන් ඉරියව්වේම කැපිපෙනීම විශේෂත්වයකි. මෙම දක්ෂතා ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රිඩීකාව ලෙසද ඇයව නම් කෙරෙණි.

ගුවන් හමුදාව පිලේ ඩිලානී මනෝදරා පන්දු 34කදී ලකුණු 40ක් ද, චමරි පොල්ගම්පල පන්දු 17කදී ලකුණු 19 ක්ද ළිහිණී අප්සරා පන්දු 19කදී ලකුණු 14ක් ද සහ සඳුනි අබේවික්‍රම ලකුණු 11ක්  ලබා ගත්හ.

පන්දු යැවීමේදී නාවික හමුදා පිල වෙනුවෙන් රුචි අමරසිංහ  ලකුණු 19 කට කඩුලු තුනක් දවාලමින් ප්දුවෙන් දක්ෂතා දැක්වූවාය.

කණ්ඩායම් දෙකේ පිතිකාරියන් අතර හොඳම සබඳතා වුයේ නාවික හමුදාවේ සිව්වන කඩුල්ලට නායිකාව හංසිමා කරුණාරත්න සහ මධුරී සමුද්ධිකා රැස්කළ ලකුණූ 45 සහ ගුවන් හමුදාවේ පස්වන කඩුල්ලට දිලානි මනොදරා සහ සඳුනි අබේවික්‍රම රැස්කළ ලකුණු 35 ය.

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – මදුරි සමුද්ධිකා

දක්ෂතම පන්දු යවන්නිය – හංසිමා කරුණාරත්න

දක්ෂතම පිතිකාරිණිය – ඉමල්කා මෙන්ඩිස්

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – සත්‍යා සංදීපනී

නාවික හමුදාව පන්දුවාර 20කදී කඩුලු 6126 යි – උමේෂා නිමේෂා 30,හංසිමා  කරුණාරත්න 25, නිලක්ෂනා සඳමිනි 21,මධුරි සමුද්ධිකා නොදැවී 23, රුචි සමරසිංහ 19/3, හර්ෂනී විජේසූරිය 19/2)

ගුවන් හමුදාව පන්දුවාර 20කදී කඩුලු 7113 යි – (දිලානී මනෝදරා 40, චමරී පොල්ගම්පල 19, ළිහිණි අප්සරා 14, සඳුනි අබේවික්‍රම 11, මධුරි සමුද්ධිකා 21/2, සත්‍යා සංදීපනී 23/2)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee