slc
Home   |    News
අගෝස්තු 20, 2022
ආසියානු කුසලාන තරගාවලිය නිල වශයෙන් ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්සත් අරාබි රාජධානියේ පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අගෝස්තු 19 වැනිදා ඩුබායිහිදී සිදු කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂෙයික් නායන් බින් මුබාරක් මහතා විසින් මෙම කුසලාන නිරාවරණය සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද සහභාගි වූවේය. ඊට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍යාධිකාරි තුසිත් පෙරේරා, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මුබාෂිර් උස්මානි, එහි උපදේශක සුහාන් අහමඩ් සහ ඉසව් ප්‍රධානී ප්‍රභාකරන් තන්රාජ් යන මහත්වරුද සහභාගිවූහ.

වසර 4 කට පසුව පවත්වනු ලබන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවල අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 9 ක් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග 4 ක් සාජා ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest