slc
Home   |    News
අගෝස්තු 23, 2022
කැන්ඩි පිට පිට දෙවැනි ජයත් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (23 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණු පිලට එරෙහිව ලකුණු 102 ක විශිෂ්ඨ ජයක් අත්කර ගත් කැන්ඩි කණ්ඩායම අද දිනයේදී ගාලු පිලට එරෙහිව ලකුණු 202 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ තවදුරටත් අපරාජිත භාවය රැක ගැනීමට සමත්වූවේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 357 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

මෙම තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට පුළිඳු පෙරේරා, ලක්වින් අබේසිංහ, තිසරු ඒකනායක සහ ඉසුරු පනාල සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරත වුණු පුළිඳු ලබා ගත් ලකුණු 82 සදහා පන්දු 33 කට පමණක් මුහුණ දුන්නේය. හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 කින් පුළිඳුගේ ඉනිම වර්ණවත් විය. ඔහුට අමතරව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ලක්වින් අබේසිංහ ලබා ගත් ලකුණු 88 සදහා පන්දු 105 කට මුහුණ දුන්නේය.  මොවුන් දෙපළට අමතරව සෙසු අර්ධ ශතක ලාභීන් දෙදෙනා වූ තිසරු ඒකනායක සහ ඉසුරු පනාල ලකුණු 54 බැගින් ලබා ගත්හ.

ගාලු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී මනුල කුලරත්න සහ ශෙෂාන් යෂෝන් කඩුලු 4 බැගින් බිඳ හෙළූහ.

මේ අතර කුරුණෑගල වෙලගෙරද ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණුන බැවින් තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් විය. ගාල්ල කණ්ඩායම පන්දුවට පහර දෙන අතරතුරදී වර්ෂාවෙන් බාධා පැමිණුණ හෙයින් තරගය එක් ඉනිමක් ප්දුවාර 42 කට සීමා විය. ඒ අනුව පන්දුවාර 39 කදී ගාලු ඉනිම ලකුණු 205 කට සීමා විය.

ඩක්වර්ත් ලුවිස් නය්‍යායට අනුව කොළඹ දකුණු කණ්ඩායම ලකුණු 200 ක ඉලක්කයක් හිමිවනු අතර එය හඹා යෑමේදී පන්දුවාර 27.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට‌ කොළඹ දකුණ කණ්ඩායම සමත්විය.

පන්දුවට පහර දීමේදී රුසඳු ගමගේ පන්දු 73 කදී නොදැවී ලකුණු 72 ක්ද විශේන් හැළඹගේ පන්දු 19 කදී ලකුණු 45 ක් ලබා ගැනීමට සමත්වූහ.

මහනුවර – දඹුල්ල

මහනුවරට ලකුණු 202 ක ජයක්

මහනුවර පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු 357 යි – (පුළිඳු පෙරේරා 82, ලක්වින් අබේසිංහ 88, ඉසුරු පනාල 54, තිසරු ඒකනායක 20*, ජයවි ලියනගම 54*, වතිල උදාර 26)

දඹුල්ල පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 155 යි – (ගයාන් වීරසිංහ 33, කනිෂ්ක ලක්ෂාන් 30, විශ්ව රාජපක්ෂ 26, ජිනජිත් දිලුම්ක 15, මනුල කුළරත්න 23/4, ශෙෂාන් යෂෝන් 33/4)

ගාල්ල – කොළඹ දකුණ

කොළඹ දකුණට කඩුලු 6 ක ජයක් (ඩක්වර්ත් ලුවිස්)

ගාල්ල පන්දුවාර 39 කදී ලකුණු 205 යි – (චමරිඳු නෙත්සර 44, තමිදු ප්‍රදීප්ති 35, දිනුර අබේවික්‍රම 27, රෙෂාන් දිල්හාර 19, චාර්ය පරණවිතාන 15, රදීෂ බණ්ඩාරනායක 20/4, රයන් දිසානායක 33/2, අක්මාල් ෆස්ලි 43/2)

කොළඹ දකුණ පන්දුවාර 27.1 කදී කඩුලු 4 ට ලකුණු 200 යි – (රුසඳු ගමගේ 72*, විශේන් හැළඹගේ 45, සිනෙත් ජයවර්ධන 38, රිවිත ජයසූරිය 21, එස්. කබිලේෂ්වරන් 66/3)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest