slc
logo
Home   |    News
අගෝස්තු 3, 2022
නවසීලන්ත කාන්තාවන්ට ලකුණු 45 ක ජයක්

sinhala editor

 එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය  ක්‍රීඩා උලෙළේ  කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට සමත්විය.

එජ්බැස්ටන්  ක්‍රීඩාංගණයේ  පැවැති මේ  තරගයේ දී කාසිය වාසිය  දිනා මුලින්ම පන්දුවට  පහරදුන්  නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු  හතකට ලබාගත් ලකුණු 147 ට  පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක්  දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 102 කි.

නවසීලන්තය පන්දුවට පහරදෙන අවස්ථාවේ  ආරම්භක  පිතිකාරිනියන් දෙදෙනා  සුසී බේට්ස් (ලකුණු 34) සහ නායිකාව  සොෆී ඩෙවින්(ලකුණු 24) පලමු  කඩුල්ලට පන්දුවාර හතකදී රැස්කළ  ලකුණු  51මේ තරගයේ හොදම සබදතාවය විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනුණු පන්දු යවන්නිය වු  ඉනෝකා රනවිර  කඩුලු  තුනක් දවාලුවේ ලකුණු 30ක්   ලබාදෙමිනි .

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක්  කරා යෑමට  පැමිණි  අවස්තාවේ  නායිකා   චමරි  අතපත්තු  (00) විශ්මි ගුනරත්න (03) හෂිණි පෙරේරා (08) හර්ෂිතා සමරවික්‍රම (05) සහ කවිෂා දිල්හාරි  (04) යන  නම් දරා සිටින ප්‍රබල පිතිකාරිණියන් පස්දෙනෙකුම  ලකුණු 32ක් ඇතුළත දැවී යෑම නිසා සෙසු  පිතිකාරිනියන්ට   පන්දුවට  පහරදීමට  සිදුවුයේ ආරක්ෂිත ආකාරයකිනි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ  වැඩිම ලකුණු ලාභිනිය වු  අංක පහ පිතිකාරිනිය නිලක්ෂි ද  සිල්වා ලකුණු 36ක්  රැස් කලේ පන්දු  35කට මුහුණ  දී  හතරේ තුනක්  සහ  හයේ පහරක්ද සමගය.

ඕෂදී  රණසිංහ  මේ තරගයේ දී  තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට  සමත්වුවාය.  ඇය අංක  නවය පිතිකාරිනිය ලෙස පැමිණ පන්දු  21කට මුහුණ  දී හතරේ  පහරක්  හයේ  පහරක්  සමග නොදැවී ලකුණු 18ක්  රැස් කළ  අතර පන්දු යැවීමේ දී ලකුණු  31කට කඩුලු  දෙකක් ද  බිදදැමුවාය.

නිලක්ෂි ද සිල්වා  සහ  අමා කංචනා (08) හයවන කඩුල්ලට එක්කල ලකුණු  24සහ  නවවන කඩුල්ලට  ඕෂදී රණසිංහ සහ  සුගන්ධිකා කුමාරි  නොදැවී එක් කල ලකුණු 18 මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම සබදතාවයන්ය.

නවසීලන්තය පන්දුවාර 20කදී කඩුලු 7ලකුණු 147යි(සුසී බේට්ස් 34, සොෆී ඩෙවින් 24, ඉනෝකා රනවිර 30/3, ඕෂදී රණසිංහ 31/2)

ශ්‍රී ලංකා පන්දුවාර 20 කදී කඩුලු 8කට ලකුණු 102යි(නිලක්ෂි  ද සිල්වා 36,  ඕෂදී රණසිංහ 18, අමා කාංචනා 08, හසිනි පෙරේරා  08, හේලි  ජෙන්සන්  5/3, ඊඩින්  කාසන් 30/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar