slc
Home   |    News
අගෝස්තු 10, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පුහුණුකරුවන් 51 කට ‘පුහුණු කට්ටල’

sinhala editor

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්කවල ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මාවතට සම්බන්ධ කිරීමේදී වැඩි කාර්යය භාරයක් සිදුකරනු ලබන දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ට තම කාර්යය පහසු කිරීම වෙනුවෙන් පුහුණු කට්ටල ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මෙම ක්‍රීඩා කට්ටල බෙදාදීම අද (10 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම පුහුණු කට්ටල ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය තරග අංශය භාර උප සභාපති රවීන් වික්‍රමරත්න, අධි කාර්යය සාධන අංශ ප්‍රධානී ටිම් මැක්කස්කිල් සහ ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි වූ දිස්ත්‍රික් පුහුණුකරුවන් 37 කට, පළාත් පුහුණුකරුවන් 11 කට සහ දක්ෂතා ගවේෂණයේ නියැළෙන පුහුණුකරුවන් තිදෙනෙකු වශයෙන් 51 දෙනෙකුට අද දිනයේදී පුහුණු කට්ටල ප්‍රධානය කෙරිණ.

ජ්‍යෙෂ්ඨ පන්දු 24 ක්, කනිෂ්ඨ පන්දු 24 ක්, පන්දු රැකීම සදහා යොදා ගනු ලබන පිත්තක් (Fielding Bat), සලකුණු වශයෙන් භාවිතා කරන මෙවලම් 40 ක් (Cones), ප්ලාස්ටික් විකට්ටු 2 ක් (Plastic stumps), ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් යොදා ගනු ලබන ලණු ආකාරයේ ඉනිමඟක් (Ladder), පැති පන්දු විදිනයක් (Side arm), මීටර 100 ක් දුරැති ටේප් රෝලක් (Tape – 100m), පන්දු රැකීම සදහා යොදා ගනු ලබන දැළක් (Pugg net), චලනය වන විකට්ටු 2 ක් (Spring wickets), ඇදීමේ ව්‍යායාම් සඳහා යොදාගනු ලබන ඇදෙන පටි (මධ්‍යම) 3 ක් (Stretching Bands – Medium) සහ තද පටි 3 ක් (Stretching Bands – Hard), අයිස් කල්තබා ගත හැකි පෙට්ටියක් (Cooler box), සපත්තු යුගලක්, ඇඳුම් කට්ටලයක් සහ බෑගයක් අද දියේදී ලබා දෙන ලද පුහුණු කට්ටලවලට ඇතුළත් විය.

“ජාතික තලයට ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කරන පඩිපෙල හදන්න ගමේ ඉන්න දිස්ත්‍රික් පුහුණුකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසයි අපි මේ වගේ වැඩසටනක් කැඳවීමට කටයුතු කළේ. පුහුණු කට්ටල ලබාදීම පමණක් නොවෙයි මේ වැඩසටහනේ මූලික පරමාර්ථය. මූලික පරමාර්ථය තමයි ජාතික ක්‍රිකට් ගමන් මග (ක්‍රිකට් පාත්වේ) වැඩසටහනේ ප්‍රධානියා විදියට වැඩ කරන ටිම් මැකිකස්කිල් මහතාගේ යටතට පළාත් පුහුණුකරුවන් සහ දක්ෂතා ගවේෂකයින්ව පත් කිරීම. දක්ෂතා තිබුණත් ඉදිරියට පැමිණීමට නොහැකි ගමේ සිටින ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ජාතික තලයට ගෙන ඒමට සියලුම දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් එකම මඟකට රැගෙන ඒම තමයි මේ වැඩපිළිළේ මූලික පරමාර්ථය. ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ කියන්නේ ඒකයි. ඒ වැඩ සටහනට ඔක්කොම පුහුණුකරුවන් හැඩ ගැහෙන්න ඕනෑ” යනුවෙන් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “අද අලුතින්ම මේ ගමන පටන් ගන්න. ඒ අලුත් ගමනට ඔයාලා ආදාරය කරන්න. ඒ වගේම තමන්ට මේ හම්බවෙලා තියෙන දේ රැක ගනිමින් කටයුතු කරන්න. මොකද ඉදිරි කාලයේදී අපි පුහුණුකරුවන්ගේ වැඩ ගැන සමාලෝචනයක් සිදු කිරීමට වෙනම යාන්තණයක් ක්‍රියාත්මක කරනවා. මාස 6 න් 6 ට පුහුණුකරුවන්ගේ වැඩ ගැන පසු විපරමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අඩුපාඩුවක් තිබුණොත් ඒ සියල්ල හදාගෙන ඉදිරියට යන්න පුලුවන්” යැයිද වැඩිදුරටත් උප සභාපතිවරයා සඳහන් කර සිටියේය.

මෙම පුහුණු කට්ටලය ප්‍රධානය කිරීමේ වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් පුහුණුකරුගේ සහ පළාත් පුහුණුකරුගේ භූමිකාව කුමක්ද යන්න කරුණු දැනුවත් කිරීමක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ජාතික මාවතට ඔවුන් සම්බන්ධ කෙරෙන ක්‍රමවේදය පිළිබඳවද දැනුම්වත් කිරීම වෙනුවෙන් විශේෂ දේශනයක්, ටිම් මැක්කස්කිල් සහ ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest